ධුරයෙන් ඉල්ලා අස්වූ ගෝඨාභයට ජනාධිපති වරප්‍රසාද හිමි නොවේ . . .

දැනට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නිල නිවසක් ලබා දීමට නීතිමය බාධාවන් ඇතිව තිබෙන බව රජයේ ඉහළම බලධාරීන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි. ගෝඨාභය රාජපක්ෂ තම ධුර කාලය අවසන් කළ ජනාධිපතිවරයෙක් නොව ධුරයෙන් ඉල්ලා අස් වූ, වගකීම අත්හල ජනාධිපතිවරයකු බැවින් ඔහුට හිටපු ජනාධිපති වරප්‍රසාද හිමි නොවන බවට ඉදිරිපත් වී ඇති නීති තර්කය මත මෙම දැනුම්දීම කර ඇත.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාද මෑත දී මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂට නිල නිවසක් ලබා දුනහොත් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් විය හැකි බැවිනි නිල නිවසක් ලබාදීම මේ මොහොතේ සිදු කිරීමට නොහැකි බවද දැනුම් දී තිබේ.

කෙසේ නමුත් ඔහු මෙරටට පැමිණිය හොත් ඔහුට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට හැකි බව දැනුම් දී ඇති අතර මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස සුදුසු පරිදි අලුත්වැඩියා කර දීමට හැකි බවද දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජංගම දුරකථන සහ උපාංග වල මිල විශාල ලෙස ඉහලට . . .

Mon Aug 29 , 2022
ජංගම දුරකථන සහ උපාංග වල මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යාවි දැයි කිව නොහැකි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි ද සමස්ත ලංකා කොමිනියුකේෂන් හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පවසන්නේ ජංගම දුරකථන හා උපාංග ආනයන සීමා කිරීමෙන් පසු ඒවායේ මිල අධික ලෙස ඉහළ යාමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවයි. එහි වාසිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x