ව්‍යාපාරිකයකුගේ ගෙල මිරිකා බෑගයක් කොල්ලකෑ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයා . . .

සල්ලි බෑගයක් යැයි සිතා ව්‍යාපාරිකයකුගේ ගෙල මිරිකා බෑගයක් කොල්ලකෑ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු ඇතුළු තිදෙනකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු හිටපු හමුදා සෙබළකු බව පොලිසිය කියයි.

එහි මුදල් නොතිබී ඇති අතර වෙනත් භාණ්ඩ වගයක් තිබූ බව පොලිසිය පවසයි. සැකකරුවන් සමග කොල්ලකන ලද භාණ්ඩ අඩංගු බෑගය සහ කොල්ලකෑමට පැමිණි යතුරු පැදියද පොලිසිය මඟින් සොයාගෙන ඇත. රාත්‍රී කාලයට පමණක් විවෘත කර තිබෙන පැපිලියාන ප්‍රදේශයේ සිල්ලර වෙළඳ සැලක හිමිකරු වෙළඳසල වසා බස් රථයක් පැමිණෙන තුරු වෙළඳසැල ඉදිරිපිට රැඳී සිටියදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ බව පොලිසිය කියයි. යතුරු පැදියෙන් පැමිණි කොල්ලකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු යතුරුපැදියෙන් බැස පැමිණ බස් රථයක් බලාපොරොත්තුව රැඳී සිටින පුද්ගලයන් දෙදෙනකු ලෙස ව්‍යාපාරිකයා ආසන්නයට පැමිණ මද වේලාවක දී ව්‍යාපාරිකයා වෙත කඩාපැන ඔහු අත දරා සිටි බෑගය කොල්ල කා යතුරු පැදියේ නැගී පලාගොස් තිබිණි. අදාල කොල්ලය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුවන් තිදෙනා බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කොල්ලයේ ප්‍රධාන සැකකරු වන හිටපු හමුදා සෙබලා වන අරගල ක්‍රියාකාරිකයා ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ තලංගම නිවසට පහර දීම හා මොරටුව නගරාධිපතිවරයාගේ නිවසට පහර දී ගිනි තැබීමට සම්බන්ධ පුද්ගලයකු බවත් පොලිස් නිලධාරීන් ඔහුගේ නිවස සෝදිසි කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරී එය වීඩියෝ දර්ශනය කර සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරි පුද්ගලයා බවත් පොලිසිය සඳහන් කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නාමල් රාජපක්‍ෂ අධිකරණයට . . .

Wed Sep 21 , 2022
ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළව අද (21) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ එම පැමිණිල්ල කැඳවනු ලැබුවා. එහිදී සැකකාර නාමල් රාජපක්ෂද අධිකරණයේ පෙනී සිටි අතර අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x