සිපෙට්කෝ ඉන්ධනහල් වැසීයෑමේ අවදානමක . . .

සිපෙට්කෝ ඉන්ධනහල් වලට ඉන්ධන ලැබීමට පෙර මුදල් ගෙවීමට සිදුවීම නිසා සිපෙට්කෝ ඉන්ධනහල් වැසීයෑමේ අවදානමකට පත්ව ඇතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු ඊයේ (21 දා) පැවසීය.  අද (22 දා) දින සවස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සමග සාච්ඡාවක් සිදුකරන බවත් එහිදී තම ගැටලු ඉදිරිපත් කරන බවත් ඔහු කීය.

කිව් ආර්  (QR) ක්‍රමය හඳුන්වාදීමට පෙර ඉන්ධන හලට ඉන්ධන ලැබීමත් සමග ඉන්ධන හලෙන් චෙක්පතක් නිකුත් කළ බවත් එම චෙක්පත තෙල් සංස්ථාව මගින් බැංකුගත කර මුදල් ලබාගත් බවත් ඔහු කීය. මේ වනවිට ඉන්ධන ලැබීමට පෙර මුදල් ලබාදීම සිදුකළ යුතු බවත් ඇතැම් ඉන්ධනහල් වලට මුදල් ගෙවීමෙන් පසුව වුවත් දින දෙක තුන ඉන්ධන නොලැබී තිබූ අවස්ථා සංගමයට වාර්තා කර තිබෙන බවත් ඔහු කීය.

ඉන්ධන නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතනවලින් චෙක්පත්, කාඩ්පත්වලට ඉන්ධන නිකුත් කිරීම් වැනි දේ හේතුවෙන් ඉන්ධන හලට මුදල් ලැබීමට දින කිහිපයක් ගතවන බවත් ඒ බව ඇමැතිවරයාට අද පෙන්වා දෙන බවත් ෂෙල්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝච්චි ටිකට් වැඩි කලේ සේවක වැටුප් ගෙවන්න - බන්දුල කියයි

Fri Sep 23 , 2022
දුම්රිය ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගත්තේ දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක වැටුප් සඳහා පසුගිය වසරේ දී රුපියල් කෝටි හත්සියයක් වැය කර තිබෙන නිසා බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (22 වැනිදා) පැවසීය. ඒ වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි දෙසිය හැටක ආදායමින් රුපියල් කෝටි දෙසිය තිහක් සේවක අතිකාල වශයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x