අනුර ජනාධිපති වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවනවා . . .

ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණය කැඳවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොව මැතිවරණ කොමිසම විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

ඒ අනුව මැතිවරණ කොමිසම එළඹෙන ඔක්තෝබර් මස 17 වැනිදාට පෙර කැඳවන ජනාධිපතිවරණයකින් මෙරට ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක තේරී පත්වන බවද හෙතෙම පැවසීය.

ඒ බව ස්වාධීන සමීක්ෂණ වාර්තා රැසකින් මෙන්ම ආණ්ඩුවේ බුද්ධි අංශ විසින් සිදු කරන සමීක්ෂණවලින් ද තහවුරු කර ඇති බවත් හෙතෙම පැවසීය.

අනුර දිසානායක ජනාධිපති වූ වහාම වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවද ඉන් පසු මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වීදි පුරා අනාරක්ෂිතව රැගෙන ගිය සිංහ පැටවා . .

Fri Jan 26 , 2024
හොඳින් වැඩුණු සිංහ පැටවකු ප්‍රදර්ශනය කරමින් තායිලන්තයේ පතායා සංචාරක පුරවරයේ වීදි පුරා මෝටර් රථයක් ධාවනය කිරීමෙන් මහජන ආරක්ෂාවට තර්ජනයක් වූ බවට චෝදනා ලැබූ සිංහ පැටවාගේ හිමිකාරිනිය බව කියන එරට කාන්තාවක් තායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. වහලය රහිත convertible Bentley වර්ගයේ මෝටර් රථයකින් එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x