වාහන මිල පහත බසිමින් පවති . . .

වෙළෙඳ පොළේ වාහනවල මිල ගණන් අද වන විට ශීඝ්‍ර ලෙස පහත බසිමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. පොලී අනුපාත ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ අමතර කොටස් හිඟය ඇතුළු තවත් ගැටලු හේතුවෙන් මෙලෙස වාහනවල මිල පහත ගොස් ඇති බව එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේය.

කෙසේ වෙතත් වාහනවල මිල පහළ ගිය ද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බව ද ඔහු පවසයි. වාහන සර්විස් කිරීම සඳහා අය කරන මිල ගණන්ද 50% ත් 100% ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් අල්ලයි . . .

Tue Sep 27 , 2022
  මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. මෙහිදී පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝග්‍රෑම් 3,000 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගැනීමට සමත්විය. අදාළ ගබඩාවේ සිටි වයස අවුරුදු 41 ක 48 ක පුද්ගලයන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x