පෙබරවාරි 1 වන දා සිට යළිත් සෞඛ්‍ය වර්ජනය . . .

වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000 දීමනාව ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති අත්හිටුවූ සෞඛ්‍ය වැඩවර්ජනය පෙබරවාරි 1දා නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72ක සහභාගිත්වයෙන් ඊයේ (ජන. 18) පැවති විශේෂ සමුළුවේදී නැවත වැඩවර්ජනය කිරීමට ඒකමතිකව තීරණය කළේ යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මාධ්‍යට පැවසීය.

ආර්ථික යුක්තිය ඉටුකිරීම පිළිබඳ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලබා දුන් යෝජනාවලිය සාධාරණ එකක් යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගත්තද ඒ පිළිබඳ අවසන් තීරණයක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා පැමිණිය යුතු යැයි ද ඊට කාලය ලබා දෙන්නැයි ද සාකච්ඡාවේදී ඇමැතිවරු ඇතුළු නිලධාරීන් ඉල්ලා සිටි බවත් ඔහු කීය.

ඒ අනුව එම ඉල්ලීම පිළිබඳ සලකා බලා පසුගිය 17 දා වැඩ වර්ජනය අවසන් කළ ද අසාධාරණ තීන්දු ගනිමින් අනවශ්‍ය වර්ජනයක් වෙත සෞඛ්‍ය සේවාව තල්ලු කර දැමීමක් සිදු කළ බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ මුදල් අමාත්‍යාංශයට එරෙහිව විරෝධය පළ කරමින් ජනවාරි 23දා සිට දිවයින පුරා විරෝධතා සිදු කිරීමට ඊයේ සිය සමුළුව ඒකමතිකව තීරණය කළේ යැයි ද කැඳවුම්කරු පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උද්ඝෝෂණය කළ ලංවීම සේවකයින්ගේ වැඩ තහනම් වේ . . .

Fri Jan 19 , 2024
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙයි. පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බව විදුලි බල මණ්ඩලය පවසයි. සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x