යුක්‍රේනයේ ප්‍රදේශ 4 ක් රුසියාවට ඈඳා ගැනීමේ ගිවිසුම් අත්සන් කෙරේ . . .

යුක්‍රේනයේ ප්‍රදේශ හතරක් අත්පත් කර ගත් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (සැප්. 30) නිල වශයෙන් නිවේදනය කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ප්‍රදේශ “දැන් රුසියානු භූමියට අයත් ප්‍රදේශ” බවට රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ය.

ඒ අනුව යුක්‍රේනයේ ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කර්සන් සහ සපොරීෂියා යන කලාප රුසියාව මෙලෙස සිය භූමියට ඈඳා ගෙන ඇත. එම භූමි ප්‍රදේශ සඳහා රුසියාව විසින් පත් කරන ලද නායකයින් ඊට අදාළ ලේඛනවලට අත්සන් තැබීම සිදු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අදාළ ලේඛනවලට රුසියානු ජනාධිපතිවරයා ද අත්සන් තබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම දර්ශනය මීට වසර අටකට පෙර දකුණු යුක්‍රේන අර්ධද්වීපයක් වන ක්‍රිමියාව රුසියාවට ඈඳා ගත් අවස්ථාවේ වූ සිදුවීම්වලට සමාන බව ය.

යුක්‍රේනයේ නව ප්‍රදේශ 4 ක් රුසියාවට ඈඳා ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය අද මොස්කව් වේලාවෙන් පස්වරු 3:00 ට පැවැත්විණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන බවුසරය පැහැරගැනීමේ මහමොළකරු කුඩු ජාවාරම්කරුවෙක් . . .

Sat Oct 1 , 2022
මහනුවර හන්තාන කඳු මුදුනේ ස්ථාපිත කළ දුරකතන සම්ප්‍රේෂණ තාක්ෂණ කුලුනු කිහිපයකි. පවතින විදුලිය අර්බුදය හේතුවෙන් ඒවා නිසි ලෙස පවත්වාගෙන යාම අසීරු කටයුත්තකි. මේ නිසා විදුලි ජනක යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය වී ඇති අතර ඒ සඳහා අධික පිරිවැයක් යොදා ඉන්ධන බවුසර ගණන් ඇණවුම් කිරීමට සිදුව තිබේ. එසේ ඇණවුම් කළ ඉන්ධන බවුසරයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x