වාහන ගෙන්වීම නැවත ආරම්භ කිරීමේ යෝජනාවක් . . .

වසර 3 ක් දක්වා පැරණි විද්‍යුත් වාහන නැවත ගෙන්වීමේදී බදු සහන විශමතා ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කළයුතු බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් පවසනවා. එසේම වාහන ගෙන්වීම නැවත ආරම්භ කිරීමේ යෝජනා පිළිබඳවද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති වැඩිදුරටත් අදහස් දැක්වීය.

“මේ ඉලෙක්ට්‍රික් වාහනයක් කියන එක හරි ගණන්. මොකද ඒ බැටරි හරි ගණන්. අවුරුදු 3 ක් පරණ වාහන ගෙන්වන්න ඉඩදෙන්න කියලා මම අමාත්‍යංශයට දැනුම්දුන්නා. ලෝකේ ඉලෙක්ට්‍රික් වාහන තාක්ෂණයෙන් අනූනයි. ඒ වගේ ප්‍රශ්න තියෙන සල්ලි අඩු රටකට මම හිතන්නේ අනිසි මුදල් නාස්ති කරගැනීමක් කරගන්න ඕන නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 3 ක් දක්වා පරණ ඉලෙක්ට්‍රික් වාහනයක් ගේන්න දෙන්න ඕන. ගියපාර බදු අය කරගැනීම් සකස් කරද්දී අවුරුද්දක් දක්වා පරණ වාහනවලට විතරයි ගොඩක් සහන දෙන්නේ. අවුරුදු දෙක, තුන වෙද්දී ඒක වැඩිවෙනවා. ඒ විෂමතාවයන් වළක්වලා අවුරුදු 3 දක්වා දුන්නොත් මේ කියන එක හරියයි එහෙම නැත්නම් තත්ත්වයෙන් ඉතාම පහළ ඉලෙක්ට්‍රික් වාහන මේ ක්‍රමය යටතේ ලංකාවට එන්න ඉඩ තියෙනවා. පළවෙනි එක තමයි රජය නියාමනයක් හදන්න ඕන. ක්ෂේත්‍රයේ ඉන්න අයත් එක්ක සාකච්ඡා කරලා පාරිභෝගිකයින් සහ ව්‍යාපාරිකයින් ආරක්ෂා කරන රටට හොඳ ක්‍රමයක් හදන්න ඕන. මොකද මෙතන ඉන්න නිලධාරීන් සහ දේශපාලනඥයන් ප්‍රායෝගික තත්ත්වය දන්නේ නෑ. ඒ තත්ත්වය නොදැන ගන්න තීරණ කිසිම ප්‍රයෝගිකත්වයක් නෑ. ඒ වගේ උනාම රටට වැඩක් වෙන්නේ නෑ. ජනාධිපතිතුමා නිසිලෙස අපි කියන දේවල් ඇහුවොත් වාහන ගෙන්වන එකත් නැවත සිදුකරන්න පුළුවන්.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලිය කප්පාදුව දීර්ඝ නොකරයි . . .

Fri Sep 30 , 2022
කැලණිතිස්ස බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කැලණිස්ස බලාගාරයේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබූ බව ඔවුන් සඳහන් කරයි. පසුගිය සැප්තැම්බර් 27 වැනිදා නොරොච්චෝලේ බලාගාරයේ සිදු වූ බිඳවැටීමත් සමඟ එහි ජනන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x