විදුලිය කප්පාදුව දීර්ඝ නොකරයි . . .

කැලණිතිස්ස බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කැලණිස්ස බලාගාරයේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබූ බව ඔවුන් සඳහන් කරයි.

පසුගිය සැප්තැම්බර් 27 වැනිදා නොරොච්චෝලේ බලාගාරයේ සිදු වූ බිඳවැටීමත් සමඟ එහි ජනන යන්ත්‍ර 3 හි අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර එය ලබන සඳුදා (03) වන විට ප්‍රධාන විදුලිබල පද්ධතියට එක් කරන බවයි විදුලිබල මණ්ඩලය පවසයි. එසේම කෙරවලපිටිය යුගදනවි බලාගාරයටද අවශ්‍ය දැවි තෙල් තොග ලබා දීමෙන් පසු විදුලිය නිපදවීමේ කටයුතු යළි ආරම්භ කර තිබේ. එමගින් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කෙරවලපිටිය යුගදනවි බලාගාරය යළි සක්‍රිය කිරීම නිසා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගැටලු තිබුණත් විදුලිය කප්පාදුව දීර්ඝ නොකර පැය දෙකයි විනාඩි විස්සකට සීමා කිරීමට බලධාරීන්ට ඉඩ සැලසෙන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යුක්‍රේනයේ ප්‍රදේශ 4 ක් රුසියාවට ඈඳා ගැනීමේ ගිවිසුම් අත්සන් කෙරේ . . .

Fri Sep 30 , 2022
යුක්‍රේනයේ ප්‍රදේශ හතරක් අත්පත් කර ගත් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (සැප්. 30) නිල වශයෙන් නිවේදනය කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ප්‍රදේශ “දැන් රුසියානු භූමියට අයත් ප්‍රදේශ” බවට රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ය. ඒ අනුව යුක්‍රේනයේ ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කර්සන් සහ සපොරීෂියා යන කලාප රුසියාව මෙලෙස සිය භූමියට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x