සති අන්තයේ වැල්ලම්පිටිය සිට කොටිකාවත්ත දක්වා පාර තාවකාලිකව වැසේ . . .

කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස තාවකාලිකව වසා තැබෙන බවට පොලීසිය පවසයි. ඒ අනුව එම කොටස හෙට (01) රාත්‍රී 10.00 සිට අනිද්දා (02) සවස 05 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස වසා තැබෙනු ඇති.

එහිදී එම කොටස මාර්ගය අවට පදිංචිකරුවන්ට ගමනාගමනය සඳහා සීමිත වේලාවකට අවසර හිමිවනු ඇති. මෙම කාලය තුළදී කොළඹ දෙස සිට පැමිණෙන වාහන වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව හරහා ගොතටුව නගරය, කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පැමිණිය හැක.

එසේම අවිස්සාවේල්ල දෙස සිට පැමිණෙන වාහන කොටිකාවත්ත මංසන්ධියෙන් ගොතටුව නගරය, කොලොන්නාව හරහා වැල්ලම්පිටිය මංසන්ධියෙන් කොළඹ දෙසට ගමන්කළ හැක. කඩුවෙල සිට ඔරුගොඩවත්ත දක්වා වූ භූගත ජලනල පද්ධතිය සකස් කිරීම හේතුවෙන් මෙම මාර්ග කොටස වසා තැබෙන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාහන ගෙන්වීම නැවත ආරම්භ කිරීමේ යෝජනාවක් . . .

Fri Sep 30 , 2022
වසර 3 ක් දක්වා පැරණි විද්‍යුත් වාහන නැවත ගෙන්වීමේදී බදු සහන විශමතා ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කළයුතු බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් පවසනවා. එසේම වාහන ගෙන්වීම නැවත ආරම්භ කිරීමේ යෝජනා පිළිබඳවද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති වැඩිදුරටත් අදහස් දැක්වීය. “මේ ඉලෙක්ට්‍රික් වාහනයක් කියන එක හරි ගණන්. මොකද ඒ බැටරි හරි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x