ජපානයේදී දස්කම් පෑ අරුණ දර්ශන . . .

ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ තම පුද්ගලික හොඳම කාලය වාර්තා කර  තිබේ. මිචිතාකා අනුස්මරණ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය ජපානයේදී පැවැත්වේ.

එහි මීටර 400 පිරිමි ධාවන ඉසව්වට එක් වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන තරගය අවසන් කළේ, තත්පර 45යි දශම 4යි 9ක් ලෙසිනි. එය මෙම ඉසව්වට ඔහු ප්‍රදර්ශනය කළ හොඳම කාලයයි.

සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප් කුමාර සහ ප්‍රසන්න අමරසේකරගෙන් අනතුරුව මීටර 400 පිරිමි ධාවන ඉසව්වට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව මෙය වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කැබිනට් ඇමැතිධුර නොදුන්නත් ගැටලුවක් නැහැ . . .

Sat May 6 , 2023
ඇමැතිධුර දිගින් දිගටම ඉල්ලා ජනාධිපතිවරයාට ඇවිටිලි නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  දැඩි තීරණයක් ගෙන ඇත. ජනාධිපතිවරයා ඇමැතිධුර දුන්නත් නැතත් පක්ෂයේ කටයුතු ශක්ති සම්පන්නව ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය. කැබිනට් ඇමැතිධුර 10 ක් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් මෙයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x