සනීපාරක්‍ෂක තුවා මිල අඩු කරයි . . .

කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05 ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත. තවද ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමට ද තීරණය කර තිබේ.

ඒ අනුව මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදීත සනීපාරක්‍ෂක තුවා 10 ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50/= – 60/=  මිලකින් අඩුවීමට නියමිත අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 260/=  – රුපියල් 270/=  වේ. තවද ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල 18% කින් හෝ 19% කින් අඩුවීමට ද නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි බදු සහන ලබාදීමට රජයේ බලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටී. නිෂ්පාදකයින් මෙම අමුද්‍රව්‍ය ආනයනය කරන අවස්ථාවේ දී අදාළ බදු සහන ලබා ගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ ලබාගත යුතු අතර, ඒ සඳහා වන වැඩපිළිවෙළ ද මේ වන විට සකස් කර ඇත.

ඒ අනුව, රේගු ආනයනය මත 15%ක රේගු ආනයන බද්ද, 10% – 15% ක් වූ සෙස් බද්ද සහ 10% ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) අමුද්‍රව්‍ය 05 ක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර ඇත. දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශුන්‍ය අනුපාතයක් ලබා දී ඇත. නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ටද ශුන්‍ය අනුපාත වැට් බද්දේ ප්‍රතිලාභය හිමි වේ.

මෙම සියලු ප්‍රතිලාභ අර්බුද කාලසීමාවට බලපැවැත්වෙන පරිදි ලබා දේ. සනීපාරක්ෂක තුවා සඳහා වන අමුද්‍රව්‍ය ආනයනයට අය කරන බදු හේතුවෙන් සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම නිසා එම බදු අඩු කරන ලෙස දේශීය නිෂ්පාදකයින් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාහන අමතර කොටස් මිල ඉහලට . . .

Sun Oct 2 , 2022
පෙට්‍රල් ඉන්ධන මිල අඩු කලද වාහන අමතර කොටස් මිල ඉහල යාම හමුවේ තමන්ට වාහන නඩත්තු කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව රියදුරන් පවසයි. පෙට්‍රල් ඉන්ධන ලිටරයක මිල ඛනිජ තෙල් නිතිගත සංස්ථාව විසින් ඊයේ (01) දින රු 40/= කින් මිල අඩු කලද වැඩි කල මිලට සාපෙක්ෂව එය ප්‍රමාණවත් නොවන බව පෙට්‍රල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x