නීත්‍යාණුකූල මත්පැන් අලෙවිය පහතට . . .

සුරාබදු ආදායම මේ වසරේදී (2022) රුපියල් බිලියන 185 දක්වා ඉහළ දමන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉල්ලීම කළද හේතු ගණනාවක් නිසා එම අපේක්ෂිත ආදායම සපුරා ගත නොහැකිවනු ඇතැයි මත්පැන් නිෂ්පාදකයෝ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට පෙන්වා දී තිබේ.

මත්පැන් අලෙවිය සීග්‍රයෙන් පහත බසිමින් තිබෙන හෙයින් මේ වසරේදී සුරාබදු ආදායම සැලකිය යුතු ලෙස පහළ බසිමින් තිබෙන බවද ඉකුත්දා (සැප් 30) පැවති සාකච්ඡාවකදී මත්පැන් නිෂ්පාදකයින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට පවසා තිබේ. මත්පැන් අලෙවිය පහත බැස ඇති හෙයින් රජය අපේක්ෂා කරන අදායම් ඉලක්කය ලබාගැනීමට කටයුතු කරන්නැයි එහිදී සුරාබදු කොමසාරිස්ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ වසර තුළ දෙවතාවක් වැට්බදු ඉහළයාම සමාජ ආරක්ෂණ බද්දක් නැතිවීම අධික ලෙස එතනෝල් සහ ඉන්ධන මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් මත්පැන් මිල ඉහළ ගොස් ඇති අතර එම නිසා මත්පැන් අලෙවිය සීග්‍රයෙන් පහත යමින් තිබෙන බවද මත්පැන් නිෂ්පාදකයින් පෙන්වා දී ඇත.

නීත්‍යාණුකූල මත්පැන් අලෙවිය අඩුවීමට සාපේක්ෂව නීතිවිරෝධී මත්පැන් අලෙවිය ඉහළ යමින් තිබෙන බවද ඔවුහු පෙන්වා දී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජපානයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා අවස්ථාවන් . . .

Mon Oct 3 , 2022
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සාත්තු සේවක අංශයේ රැකියා දහසකට අධික සංඛ්‍යාවක් ලබාදීමට ජපානය සහතික වී තිබේ. ජපානයේ සංචාරයක නිරත කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට මෙම සහතිකය ලබාදී ඇත්තේ එරට ජී.ටී. එන් විදේශ රැකියා ආයතනය විසින්. මෙම වසර තුළ කඩිනමින් සාත්තු සේවකයන් 150 දෙනෙකු බඳවා ගැනීමටද එහිදී එකඟතාව පළකර තිබෙනවා. ජපානය තුළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x