කුසුමලතා මහගම සේකර අභාවප්‍රාප්තවේ . . .

මෙරට බිහි වූ අග්‍රගණ්‍ය කලාකරුවෙකු වන මහගම සේකරයන්ගේ බිරිඳ, කුසුමලතා මහගම සේකර අද (නොවැ. 21) අභාවප්‍රාප්ත වී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක වූ ඇය දීර්ඝ කාලයක් භාෂා හා සාහිත්‍ය ගුරුවරියක වශයෙන් දිවයිනේ පාසල් රැසක සේවය කර ඇත.

මිය යන විට ඇය 88 හැවිරිදි වියෙහි පසු වූවා ය.

ගෞරව දැක්වීම සඳහා ඇයගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘රෙස්පෙක්ට්’ පරිශ්‍රයේ නොවැම්බර් 24 වන සිකුරාදා පෙරවරු 10:00 සිට තැන්පත් කර තබනු ලැබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු නොවැම්බර් 25 වන සෙනසුරාදා පෙරවරු 10:30ට බොරැල්ල පොදු සුසාන භූමියේ, කිතුල්වත්ත පාර පිවිසුමේ පිහිටි ආදාහනාගාරයේදී සිදු කෙරේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොව පළමු වරට ක්ෂණික ආහාර වලට බද්දක් . . .

Tue Nov 21 , 2023
කොලොම්බියාව ‘ක්ෂණික ආහාර නීතිය’ ක් සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ජීවන රටා රෝග පාලනය කිරීම වෙනුවෙන්. මේ අනුව සැකසූ ආහාර ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය බද්දක් හඳුන්වා දුන් ලොව පළමු රට වන්නේ ලතින් ඇමරිකානු රටක් වන කොළොම්බියාවයි. මෙහිදී වසර ගණනාවක ප්‍රචාරණයෙන් පසු “ක්ෂණික කෑම නීතිය” මේ මාසයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x