පේරාදෙණිය ඉන්ජිනේරු පීඨයේ තවත් සිසුවෙකු අතුරුදහන් . . .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ සිව්වන වසරේ තවත් සිසුවෙකු ඊයේ (ඔක්. 2) සිට අතුරුදහන්ව ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති එම සිසුවා ඊයේ රාත්‍රී 8.00ට පමණ විශ්වවිද්‍යාලයෙන් පිටතට ගොස් තිබෙන බවට පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. පුලස්ති ප්‍රමුදිත් පෙරේරා නැමති 25 හැවිරිදි මෙම සිසුවා නවතැනින් පිටව යාමට පෙර ලිපියක්ද ලියා තබා ඇති අතර මානසික ආතතිය හේතුවෙන් ටික කලකට බැහැරව යන බව එහි සඳහන් කර ඇති බව පැවසේ. ඔහු ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිසුවා අතුරුදන්ව ඇති බවට විශ්වවිද්‍යාලය මගින් අද (ඔක්. 3) පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

එම විශ්වවිද්‍යාලයේ ම ඉන්ජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙකු මීට සති දෙකකට පමණ ඉහතදී මානසික ආතතිය බැව් පවසමින් සිය දිවි හානි කර ගෙන තිබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු නතරවේ . . .

Mon Oct 3 , 2022
කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද (03) නතර කර තිබේ. ඒ, එස් ඇන් පී – ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය 5% කට වඩා පහත වැටීම හේතුවෙනි. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකයද අද ඒකක 156 කින් පහත වැටුණි. වෙළඳපොල ගනුදෙනු නතර කරන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 9551.44 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x