වැඩ බලන අගවිනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ . . .

අගවිනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට පාර්ලිමේන්තු සභාවේ එකඟතාව හිමි වී තිබේ. අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ඔක්. 8 වන දින සිට ඔක්. 13 දින දක්වා විදේශගත වීමට නියමිත බැවින් එම කාලය තුළ අගවිනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා එලෙස ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ පත් කර ඇත.

එමෙන් ම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික තනතුරක් සඳහා පවතින පුරප්පාඩුව සඳහා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පී.ජේ.කේ.එස්.ඩබ්ලිව්. වික්‍රමසිංහ පත් කිරීමට පාර්ලිමේන්තු සභාව විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කරනු ලැබ තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ සභාපතිත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු සභාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් සහභාගි වී ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උත්තර දේවි තඹුත්තේගමදී පීලි පැනීමට ලක්වේ . . .

Sat Oct 8 , 2022
කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වන උත්තර දේවි ශීඝ්‍රගාමී දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වී තිබේ. ඒ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රමාද වියහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මේ අතර, දුම්රිය සංඥා පද්ධතියේ අද (ඔක්. 8) උදෑසන පැවති දෝෂයක් හේතුවෙන් කොළඹ බලා ධාවනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x