කොමිස් මුදල 20% කරන්න, ලොතරැයි අලෙවි නියෝජිතයන් ඉල්ලයි

දැනට ලොතරැයි පතක් වෙනුවෙන් ලබාදෙන 17.05% ක කොමිස් මුදල  20% දක්වා කඩිනමින් වැඩි කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක යෙදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ පැවසීය. කොමිස් මුදල 20% දක්වා වැඩි කිරීමට වසර දහයක පමණ සිට ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරුන් ගෙන් ඉල්ලා සිටින නමුත් මෙතෙක් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඔහු කීය.

විශේෂයෙන් මහා භාණ්ඩාගාරයේ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක යෙදෙන මෙම අලෙවි නියෝජිතයන්ගේ සහ සහායකවරුන්ගේ ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම කනගාටුවට කරුණක් බව පවසන සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩල දෙක දිනකට විශාල වශයෙන් ලාබ උපයන බව ද කියා සිටී. දැනට රට තුළ අලෙවි නියෝජිතයින් 4,800 ක් පමණද, අලෙවි සහායකවරුන් 38,000 ක් පමණද , ලොතරැයි ව්‍යාපාරයේ යෙදෙන අතර ඔවුන්ගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකක් පමණ වන බවද සභාපතිවරයා පවසයි .

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යමිල 100%  වැඩි වී තිබෙන මෙම අවස්ථාවේ ලොතරැයි අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකවරුන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ලොතරැයි අලෙවි කටයුතු සිදුකරමින් ලොතරැයි ව්‍යාපාරය නගා සිටුවීමට කටයුතු කරන බවත් එහෙත් ලොතරැයි මණ්ඩල දෙක අලෙවි නියෝජිතයින් හා අලෙවි සහායකවරුන් ගැන නොසලකා හැර ඇතැයි පැවසීය. මේ අනුව දැනට ලබාදෙන කොමිස් මුදල වැඩි නොකිරීම සම්බන්ධව අලෙවි නියෝජිතයන් සහ සහායකවරුන් බලවත් නොසන්සුන්තාවයට පත්ව ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් කීය.

  • මහින්ද නිශ්ශංක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාගම රෝහලේ ශල්‍ය වෛද්‍යවරයාට තවත් චෝදනාවක් . . .

Sun Oct 9 , 2022
චෝදනා එල්ල වී ඇති රාගම රෝහලේ වෛද්‍යවරයා පිත්තාසයේ ගල් ඉවත්කිරීමේ සැත්කමකට ලක්කළ  එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අවිවාහක තරුණියක වසරකට ආසන්න කාලයක් ඇඳට සීමාවී සිටින බව ඇයගේ පියා පැවසීය. ගයනි ඉනෝෂා පෙරේරා නැමැති ඇය පසුගිය වසරේ (2021) නොවැම්බර් මස 5 වැනිදා පිත්තාසයේ ගලක් ඉවත්කිරීමේ සැත්කමට රාගම රෝහලේදී ලක්වීමෙන් පසුව සිහිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x