බස් රථය අරන් සජිත් ගාලු යයි . . .

කබලෙන් ලිපට වැටී ඇති ජනතාවට අලුත් බදු බරක් පැටවීම ආණ්ඩුව කටයුතු කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ජනතාවගේ කරමත අසීමිත පීඩනයක් පටවන අරුම පුදුම බද්දක් බවට එය පත්ව ඇතැයි ද පැවසීය. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ඇති එකම මඟ බදු වැඩි කිරීම පමණක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවට පැන්ඩෝරා පත්‍රිකා හරහා නම් සඳහන් පුද්ගලයින් සතුව ඇති ඩොලර් ද ගෙන්වාගත යුතු බව පැවසීය.

දේශයේ දුවා දරුවන් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” හරහා ලබාදෙන 36 වන බස් රථය ගාල්ල සිද්ධාර්ථ ජාතික පාසැලට පරිත්‍යාග කිරීම අද විපක්ෂ විපක්ෂනායකතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, එම අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

දිවංගත ශ්‍රේෂ්ඨ කලාකරු, විශාරද පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් අධ්‍යාපනය හැදෑරූ පාසල ද ගාල්ල සිද්ධාර්ථ ජාතික පාසැලයි. දේශපාලන ලකුණු වෙනුවෙන් අරගල කරනවා වෙනුවට අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකතුමා පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බස්රථයක ටිපර් රථයක් ගැටීමෙන් 47 දෙනෙකු තුවාල ලබයි . . .

Sat Oct 15 , 2022
කිලිනොච්චිය පලෙයි පොලිස් වසමට අයත් මුහමාලෙයි ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත් කෙරෙන රාජ්‍ය නොවන සංවිධානයකට අයත් පෞද්ගලික බස්රථයක ටිපර් රථයක් ගැටීමෙන් අද (15) සිදුවූ බරපතල රිය අනතරකින් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. කිලිනොච්චියේ සිට මුහමාලෙයි ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් වෙනත් මාර්ගයකට හැරවීමට ගත් උත්සහයකදී පසුපසින් අධික වේගයකින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x