දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙන රටේ පාලන බලය ලබා ගැනිම . . .

එක්සත් ජාතින්ගේ සංවිධානයේ වාර්තා කිහිපයක් පෙන්වමින් මේ රටේ දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙන බවට හුවා දක්වමින් රටේ පාලන බලය ලබා ගැනිමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බව ලක් වනිතා කාන්තා සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් නායිකා ශාන්තිනි කොන්ගහගේ පැවසිය. ශාන්තිනි කොන්ගහගේ ඒ බැව් කියා සිටියේ නාවලපිටිය පාස්බාගේ කොරලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ අඩු අදායම්ලාභි පවුල් වල  5 සිට 10 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 1000 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදිමේ වැඩපිලිවෙල පිලිබදව ප්‍රතිලාභ ලබන සිසු සිසුවියන් සහ ඔහුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරිම සදහා නාවලපිටිය පස්බාගේ කොරලේ ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවති දැනුවත් කිරිමේ වැඩසටහනකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ශාන්තිනි කොන්ගහගේ කියා සිටියේ පසුගිය කාලයේ අරගලයක් මුවාවෙන් කිසියම් පිරිසක් විසින් ජනාධිපති මැදුර , ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපල රැසකට අලාභ හානි සිදු කල බවයි. එම රාජ්‍ය දේපල රටේ ජනතාවගේ සම්පතක් බවත්, එම අරගලය පිටුපස සිටියේ මේ රටේ අරගල සිදු කරමින් දේශපාලනය කරන පිරිසක් බවයි. රට පත් වි ඇති ආර්ථික අර්බුධය හමුවේ මේ රට තුල අරගල කරන අවදියක් මෙය නොවන බවත්, සියළු දෙනා එකට එකතු වි කටයුතු කර රටේ ආර්ථික තත්ත්වය යලි යථා තත්ත්වයට ගෙන ඒමට කටයුතු කල යුතු බවයි ශාන්තිනි කොන්ගහගේ වැඩිදුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සජිත් සත්භාවයෙන්ම 22 ට සහාය දෙයි . . .

Thu Oct 20 , 2022
කරුණු කාරණා කිහිපයක් මත පදනම්ව සත්භාවයෙන්ම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත කරුණු ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වන්නේ නම් එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය. විපක්ෂයක් ලෙස ආණ්ඩුව ගෙන එන සෑම දෙයකටම විරුද්ධ වීමේ සම්ප්‍රදායක් සමගි ජන බලවේගය තුළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x