මේ වගේ පාර්ලිමෙන්තුවක ඉන්න අපිට හිරිකිතයි . . .

“පාර්ලීමෙන්තු මන්ත්‍රීවරු වහල්ලු කරලා සුපර් මැන් කෙනෙක් හැදුවා. අන්තිමට සුපර් මැන් මොකද කරේ? රටත් විනාශ කරලා රට දාල ගියා. එහෙම කරලා නැවත මොකද කරේ? රජයේ නිවසක විශ්‍රාම සුවයෙන් ඉන්නවා. ලැජ්ජා නැ. අපේ රටට කරපු දෙයට යන්න පන්සලකට වෙලා ඉන්න . පවු සමා කර ගන්න” යයි විපක්ශයේ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල පැවසීය.

පාර්ලිමේන්තුවේදි 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදයට සහබාගි වෙමින් ඔහු මෙසේ අදහස් පල කරන ලදී.

‘විජේදාස අමාත්‍යවරයා ව්‍යවස්ථාව හදන හැටි කිව්වා නමුත් 20 හදනකොට මේ ආකාරයෙන් කටයුතු කරේ නැ. ඒකයි මට කණගාටුව. මොකද 20 වැනි ව්‍යවස්ථාව ගෙනාවේ හිතුවක්කාර විදියටයි. කවුද 20 හැදුවේ? පාර්ලීමෙන්තුවේ තේරුම් කාරක සභාවක් හරහා ආවේ නැ. ගොඨාභයගේ නඩු කතා කරපු නීතිඥය මහත්වරු එකතු වෙලා පාර්ලිමෙන්තුවෙන් පිට ව්‍යවස්ථාව හැදුවා. එතකොට කථානායකතුමා ආංශික අධීක්ෂණ කාරක සභා, ස්ථාවර නියොග අත්හිටුවලා අපි දැකපු නැති 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලීමෙන්තුවට ගෙනාවා. ඒ ක්‍රමය හරිද ? එදා විජේදාස මැතිතුමා මේවට විරුද්ධ වුනේ නැ. තමන් ඉන්න පක්ශය අනුව ව්‍යවස්ථා හදන්න බැ. ව්‍යවස්ථා හදන්න ප්‍රතිපත්තියක් තියෙන්න ඕන කොයි පැත්තක හිටියත්. මෙතුමා 19ට චන්දය දුන්නා. 20ටත් චන්දය දුන්නා. අද කියනවා 20ත් එපා කියලා. මොකක්ද මේ විකාර? මෙ වගෙ පාර්ලිමෙන්තුවක ඉන්න අපිට නම් හිරිකිතයි. හැරෙන හැරෙන පැත්තට කතා කරනවා. 20 ගෙනාවාම මම සංශෝධන 20ක් ගෙනාවා . මොකද 20 , 19ට කිට්ටු කරන්න. ඒ ඔක්කෝම ප්‍රතික්ශේප කරා.එ ඇමතිවරයත් අතන හැංගිලා ඉන්නවා.

20 වැනි ව්‍යවස්ථාව ගෙනාවම අපේ රටට ලැබෙන ජාත්‍යන්තර සහයොගය නැති වෙනවා කියලා අපි දැන ගත්තා.  ඒකයි අපි සංශොධන හරහා 19ට ලන් කරන්න හැදුවෙ. විජේදාස  සහ අලි සබ්‍රී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගියා සති දෙකකට කලින් .මොකක්ද කිව්වේ?  2020 ඔක්තොබර් මාසේ 20 වැනි ව්‍යවස්ථා සංශොධනය හරහා නැවතත් හදුන්වාදෙන ලද ප්‍රබල විධායක ජනධිපති ක්‍රමයක් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන අර්බුදය හෙලිදරව් විය. සංශොධනය මගින් මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම, අධිකරණය වැනි ප්‍රධාන කොමිසම් සභාවන්හි ස්වාධිනතවය සෝදා පාළුවට පත් වුනා. එක්සත් ජාතින් තමයි මෙහෙම කියන්නේ. ආන්ඩුව අද වසර 3ක් රට විනාශ කරා, පාර්ලීමෙන්තුවේ , අගමැතිවරයාගේ , කථානායකතුමාගේ බලතල ජනාධිපතිවරයාට දුන්නා.පාර්ලීමෙන්තු මන්ත්‍රීවරු වහල්ලු කරලා සුපර් මැන් කෙනෙක් හැදුවා. අන්තිමට සුපර් මැන් මොකද කරේ? රටත් විනාශ කරලා රට දාල ගියා. එහෙම කරලා නැවත මොකද කරේ? රජයේ නිවසක විශ්‍රාම සුවයෙන් ඉන්නවා. ලැජ්ජා නැ. අපේ රටට කරපු දෙයට යන්න පන්සලකට වෙලා ඉන්න. පවු සමා කර ගන්න. ඉංදියාවේ නායකයෝ එහෙමයි කරන්නේ. මම ඔහොම කරා නම් රජයේ නිවාස එපා කියලා පැල්පතක ඉන්නවා. අද අපේ රට ඉවරයි. රුපියල් නැ ඩොලර් නැ . අපි ඩොලර් මිලියන 7800 ඉතුරු කරලයි ගියේ. ගිය මාසේ මහා බැංකු අධිපති කිව්වාම තමයි දන්නේ ඩොලර් මිලියන 20ට සංචිත අඩු කරලා කියලා. ඔක්කොම හොරෙන්. අපි අද 22වැනි සංශෝධනයට සහයොගය දෙන්නේ ආණ්ඩුව බේරා ගන්න නොවෙයි, රට බේරා ගන්නයි. ජනතාව අසරන වෙලා, කන්න නැ. ඇත්ත වශයෙන්ම මොන ආණ්ඩුවක් හිටියත් අපේ රටට ජත්‍යන්තර සහයොගය අවශ්‍යයි. එම නිසා රට වෙනුවෙන් අපේ සහයොගය අපි ලබා දෙනවා.

මෙ ව්‍යවස්ථා සංශොධනය පාර්ලිමෙන්තුවේ සරල බහුතරයකින් සම්මත කරන්න පුළුවන් කියලා පාර්ලීමෙන්තුවේ නිළධාරි මණ්ඩලය කිව්වා. තාම ලණු දෙන්නේ. අපේ වාසනාවට එදා නිතීපතිතුමා ආවා . මම මේ ගැන නිතීපති තුමාගෙන් අහුවාම එතුමා කිව්වා තුනෙන් දෙකක් අවශ්‍යයි කියලා. දැන් බස් එක ගිහිල්ලා ඉවරයි. වසර 3ක් රට විනාශ කරා. මේ ව්‍යවස්ථා සංශොධන ගෙන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයට ආදරයටවත් , මානව හිමිකම් සදහා ආදරයටවත් නෙවෙයි. ජාතයන්තර ආධාර ලබා ගන්නයි මේක කරන්නේ. දැන් රට විනාශ කරලා ඉවරයි,  ආණ්ඩුවේ කාලේ ඉවරයි දැන්වත් මේක දාල යන්න. ජානාධිපති, අගමැති,මුදල් ඇමති,  කැබිනට් මණ්ඩලය හැමොම දාල ගියා. රට බංකොලොත් කරපු අයට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නැ ඒක මතක තියා ගන්න. අනික වසරකට අපිට වියදම ඩොලර් බිලියන 12ක් ඕනේ. ජාතයන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9 යි.  මේ ප්‍රශ්ණය විසදන්න ලේසි නැ

– Media unit

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මුදල් නොමැතිව බොරතෙල් නැව තවමත් මුහුදේ . . .

Fri Oct 21 , 2022
ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බොර තෙල් නැවක් ගොඩබෑමට මුදල් නොගෙවීම නිසා අද වන විට ඩොලර් මිලියන 4.3 ක මුදලක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව ඇතැයි ඉන්ධන වරාය විදුලි සමගි වෘත්තිය සමිති සන්ධානයේ සඳහන් කරයි. එම නෞකාව මෙරට මුහුදු සීමාවට පැමිණ ඇත්තේ පසුගිය මස විසි වැනි දා බව ද එහි මාධ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x