රියදුරුට නින්දයාමෙන් සිදුවූ බිහිසුණු අනතුර . . .

පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ මැදගම කලාඔය අසල අද (21) පෙරවරුවේ මෝටර් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ. මෝටර් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෝටර් රථය, ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගල්ගමුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පුරප්පාඩු වූ අටමස්ථානාධිපති ධුරයට අයදුම්පත් කැදවයි . . .

Fri Oct 21 , 2022
අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට නව අටමස්ථානාධිපති හිමි නමක් පත් කර ගත යුතුව තිබේ. ඒ සඳහා කාරක සභාව රැස්වී සුදුසුකම් සපුරා ඇති අටමස්ථානය නියෝජනය කරන විහාරාධිපති හිමි නමක් ඉදිරියේ තෝරාපත් කර ගැනීමට නියමිත බව වැඩබලන අටමස්ථානාධිපති රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසූහ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x