රතිඤ්ඤා මිල අධික ලෙස ඉහල යයි . . .

ඉකුත් උත්සව සමයට සමගාමිව මෙවර දිපවාලි උත්සව සමයේ රතිඤ්ඤා සහ ගිණිකෙලි  නිෂ්පාදන මිල ඉහල යාම හමුවේ තම ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බව රතිඤ්ඤා වෙලෙදුන් පවසයි.

රතිඤ්ඤා අලෙවි කිරිම සදහා රජයේ පුපුරන ද්‍රව්‍ය පාලකවරයාගෙන් බලපත්‍රයක් ලබාගෙන මෙවර දිපවාලි උත්සව සමයේ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙලි නිෂ්පාදන අලෙවි කිරිමට කටයුතු කල බවත්, රතිඤ්ඤා ඇතුලු සැම ගිණිකෙලි නිෂ්පාදනයකම මිල අධික ලෙස ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් ගිණිකෙලි නිෂ්පාදන මිල දි ගැනිමෙන් වැලකි සිටින බවයි ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

ඉකුත් වසරේ රු 80 මිලකට අලෙවි කල කුඩා රතිඤ්ඤා පැකට්ටුවක් මෙවර උත්සව සමයේ රු 180 – 200 අතර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවත්, එයට සමගාමිව අනෙකුත් ගිණිකෙලි නිෂ්පාදන මිල 300% පමණ ඉහල ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

වෙඩි බෙහෙත් ආනයනය කිරිමේදි පනවා ඇති ඉහල බදු සහ ගිණිකෙලි නිෂ්පාදනය සදහා වැයවන පිරිවැය අධික විම හේතුවෙන් ගිණිකෙලි නිෂ්පාදන මිල ඉහල දැමිමට සිදු වි ඇති බව ගිණිකෙලි නිෂ්පාදකයන් තමන් කියා සිටි බවයි ගිණිකෙලි නිෂ්පාදන අලෙවි කරන වෙලෙදුන් කියා සිටින්නේ.

රංජිත් රාජපක්ෂ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාරිභෝගික අධිකාරීය ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් වටලයි . . .

Sat Oct 22 , 2022
වෙළඳපොලේ තිරිඟු පිටි මිල ගණන් අඩු වී ඇති බව වාර්තා වුවද, මෙරට ප්‍රධාන තිරිගුපිටි සැපයුම්කරුවන් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් මෙතෙක් මිල පහළ දමා නොමැති බව වාර්තා වේ. මේ අතර මීට මාස කීපයකට පෙර පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව තිරිඟු පිටි ඇසුරුම් වල මිල සඳහන් කළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x