පහරදීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් අවශ‍්‍යයි, නැතිනම් ලංගම වර්ජනයක් . . .

පුද්ගලික බස්රථ හිමියන් ඇතුළු සේවකයන් විසින් ලංගම බස් රථ වල සේවය කරන සේවකයන් හට සිදු කරන අමානුෂික පහරදීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ලංගම සියලුම ඩිපෝවල සේවකයන් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

රත්නපුර ඩිපෝවේ මහනුවර – රත්නපුර අතර ධාවනය කළ බස් රථයේ කොන්දොස්තරවරයෙකුට සිදුකළ අමානුෂික පහර දීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ සඳහන් කරයි. පහරකෑමට ලක්වූ කොන්දොස්තරවරයා මේ වන විටත් රත්නපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාළ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක් කරන බවත්ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් රත්නපුර ඩිපෝවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවත් පහරදීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේදී දිවයින පුරා සියලුම ඩිපෝවල මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ව්‍යාප්ත කරන බවත් ඔහු පැවැසීය.

අදාල පහරදීම සම්බන්ධයෙන් මේ වන විට විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනුවත් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශ ගමන් තහනමක්

Wed Oct 26 , 2022
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. එමෙන්ම සැකකාර හිටපු මහ බැංකු අධිපති කබ්රාල් රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x