මගී බස් රථයකින් විශාල නාගයෙක් මතු වෙයි . . .

යාපනය සිට වවුනියාව බලා ධාවනය වූ ලංගම බස් රථයක විශාල නාගයකු සිටීමත් සමඟම බසයේ සිටි මගීන් බියට සහ කලබලයට පත් වී බසයෙන් බැස දිවගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙම බස් රථය උදෑසන යාපනයෙන් පිටත් වී පැය එකහමාරක් පමණ ගත වන තුරුත් මගීන් කිසිවකු හෝ මෙම නාගය දැක නොමැති බවයි පැවසෙන්නේ.

අනතුරුව කිළිනොච්චිය නගරයේදී බසයට නැගුණු කාන්තාවක් මෙම නාගයා බස් රථය තුළ සිටිනු දැක බියට පත් වී කෑගසා තිබේ.

ඇයගේ කෑගැසීමත් සමඟ බසයේ රියැදුරු බසය නතර කර තිබෙන බවයි පැවසෙන්නේ.

නමුත්, නාගයෙක් සමඟ බසය මහමඟ ධාවනය කළ රියැදුරුට විනය පරීක්ෂණයක් කරන්නට නියමිතව ඇති බව වාර්තාවේ.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වහාම කෝටි 500ක මුදලක් බැංකු ගිණුම් වලට දාන්න පියවර ගනී . . .

Tue Aug 29 , 2023
අස්වැසුම යෝජනා ක්‍රමයේ පළමු වාරිකය ගෙවීම සඳහා රුපියල් කෝටි 500ක (බිලියන 5ක) මුදලක් බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙනවා. මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසන්නේ, අස්වැසුම පළමු වාරිකය පවුල් ලක්ෂ 8ක් වෙත ලබාදීම සඳහා අවශ්‍ය මුදල ලෙස මෙම රුපියල් බිලියන 5ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකු වෙත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x