ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුළ සිටි අඟල් 3ක් පමණ දිගැති පණුවෙක් ඉවත් කිරීමට එරට වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සමත්වී තිබේ. මිනිස් මොළයක සිටියදී පණ පිටින් පණුවෙකු හමුවූ පළමු අවස්ථාව මෙය වියහැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම කාන්තාවගේ හානියට පත්වී තිබු මොළයේ ඉදිරි කොටසේ ශල්‍ය කර්මයක් අතරතුරදී පටක අතර සිටියදී එම රතු […]

ඉතාලියේ ටියුරින් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පස් වෙනි මහලේ සඳළු තලයෙන් පහළට වැටුණු තුන් හැවිරිදි දැරියක් පොළවට පතිත වීමට පෙර උඩ පන්දුවක් රැක ගන්නා ආකාරයෙන් මහල් නිවාසය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු පහළ සිට අල්ලා ගැනීම හේතුවෙන් එම දැරියගේ ජීවිතය ආශ්චර්යමත් ලෙස බේරී තිබේ. දැරියගේ ජීවිතය බේරා ගත් මටියා අගුස්සි නම් […]

කම්මලක් පවත්වාගෙන යන මුවාවෙන් ගල් කටස්, විවිධ අන්දමේ ගිනි අවි, උණ්ඩ, පතුරොම්, ආදිය නිෂ්පාදනය කරමින් විකිනීමේ හා කුලියට දීමේ යෙදුනු බව කියන පිය පුතු දෙපලක් එසේ සැකසූ ගිනි අවි හා උණ්ඩ ඇතුළු දේපල රැසක් සමග අද කල්එළිය ඩන්කන් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය  කියයි. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ […]

බාලවයස්කාර දැරියෙකුට දරුවෙකු ලැබීමේ සිදුවීමක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදි එය සැඟවීමට කරාපිටිය රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයෙකු කටයුතු කර ඇතැයි වාර්තා වනවා. දරුවා බිහිකළ අවුරුදු 15ක් වයසැති මව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි අනාවරණය වී තිබෙන්නේ. එම දැරිය ගැබ්ගෙන ඇත්තේ අවුරුදු 14 දී වන අතර ඇය විසින් බිහිකළ […]

අස්වැසුම යෝජනා ක්‍රමයේ පළමු වාරිකය ගෙවීම සඳහා රුපියල් කෝටි 500ක (බිලියන 5ක) මුදලක් බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙනවා. මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසන්නේ, අස්වැසුම පළමු වාරිකය පවුල් ලක්ෂ 8ක් වෙත ලබාදීම සඳහා අවශ්‍ය මුදල ලෙස මෙම රුපියල් බිලියන 5ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකු වෙත […]

යාපනය සිට වවුනියාව බලා ධාවනය වූ ලංගම බස් රථයක විශාල නාගයකු සිටීමත් සමඟම බසයේ සිටි මගීන් බියට සහ කලබලයට පත් වී බසයෙන් බැස දිවගොස් තිබෙන පුවතක් වාර්තා වනවා. මෙම බස් රථය උදෑසන යාපනයෙන් පිටත් වී පැය එකහමාරක් පමණ ගත වන තුරුත් මගීන් කිසිවකු හෝ මෙම නාගය දැක නොමැති බවයි පැවසෙන්නේ. […]

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් Toshakhana නඩුවේ වරදකරු කිරීම සහ වසර 03ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ. ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍යධුරය දරණ කාලසීමාවේදී විදේශයන්ගෙන් ලද ත්‍යාග අලෙවිකර එම මුදල් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලකරමින් ගොනුකළ නඩුව ‘Toshakhana case’ නමින් හඳුන්වයි.  

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින රෙගුලාසීන් අනුව මෙරටදී පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා යන වීසා වර්ග තුන නිකුත් කරයි. ඒ අතුරින් පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා කාණ්ඩ දෙකෙහි […]

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළ කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමු කළ බවයි. සමුද්‍රීය පිරිසර ආරක්ෂණ අධිකාරිය ඉදිරිපත් කළ අතුරු වන්දි වාර්තාවලට අනුව මෙම අතුරු වන්දිය ලබා ගැනීමට නියමිතය. […]

ලොව ජනප්‍රිය මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටොයෝටා සමාගමේ නිෂ්පාදන පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ජපානයේ පිහිටි වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටොයෝටා සමාගමේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පවසා ඇත්තේ මෙම ගැටලුවට හේතුව සෙවීමට සමාගම උත්සාහ කරන නමුත් එය සයිබර් ප්‍රහාරයක් නිසා යැයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.