එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි . . .

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළ කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමු කළ බවයි.

සමුද්‍රීය පිරිසර ආරක්ෂණ අධිකාරිය ඉදිරිපත් කළ අතුරු වන්දි වාර්තාවලට අනුව මෙම අතුරු වන්දිය ලබා ගැනීමට නියමිතය.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, අතුරු වන්දිය ලෙස ඩොලර් ලක්ෂ 890ක් සහ රුපියල් මිලියන 16ක මුදලක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඉල්ලා ඇති බවයි.

එම අතුරු වන්දි ගෙවීමට නෞකා සමාගමේ රක්ෂණ සමාගම සහ නීතිඥ සමාගම මීට පෙර සිය කැමැත්ත පළ කර තිබුණි.

නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන රජයේ එකඟතාව එම සමාගම් වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.

පසුගියදා සිංගප්පූරුවේ පැවති සාකච්ඡාවලදී ගත් තීරණයට අදාළව දෙපාර්ශ්වය මෙම එකඟතාවලට යොමු වුණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වීසා ක්‍රමවේදය සරලවේ . . .

Tue Aug 29 , 2023
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින රෙගුලාසීන් අනුව මෙරටදී පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා යන වීසා වර්ග තුන නිකුත් කරයි. ඒ අතුරින් පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා කාණ්ඩ දෙකෙහි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x