ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් කැඳවීම ඊයේ (15) දින අවසන් කර තිබේ . මුදල් ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේ, මේ සඳහා ආයෝජකයින් 14 දෙනෙකු ඉදිරිපත් වූ බවයි. ඒ අනුව ලාෆ් ලංකා සමාගම මෙන්ම සිංගප්පූරුව, ඉන්දියාව, මලයාසියාව ඇතුළු රටවල් කිහිපයක […]

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වන විට රැඳී සිටින්නේ බන්ධනාගාර රෝහලේ බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ සඳහන් කරයි. ඔහුට ඇති වී තිබෙන රෝග තත්වයන්ට ලබා දෙන්නේ ඔහු අමාත්‍ය ධුරය දරන කාලයේ ආනයනය කල ඖෂධ බවද හෙතෙම කියා සිටියි. සිංගප්පූරුවෙන් ගෙන්වන ලද ඖෂධ ඔහුට […]

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට සිටින්නේ බන්ධනාගාර රෝහලේයි. මේ අතරම ඔහුට බන්ධනාගාර රෝහලෙන් ලබා දෙන ඖෂධ භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන බවටයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කර සිටියේ. එසේම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුවෙන් ගෙන ආ ඖෂධ භාවිතා කිරීමට අවශ්‍ය යැයි ප්‍රකාශ කර ඇති බව සඳහන් […]

දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ, සිංගප්පූරු කැබිනට් අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්දීය සම්භවයක් ඇති 61 හැවිරිදි සුබ්‍රමනියම් ඊශ්වරන්, 2021 සිට මේ දක්වා සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඊශ්වරන්ට චෝදනා 27 ක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන්, විමර්ශන ආරම්භ වූයේ පසුගිය 2023 ජූලි මාසයේය. පාර්ලිමේන්තු […]

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වූ JN.1 නමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් සිංගප්පූරුවේ ද ආසාදිතයන් වැඩි වීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම මේ වනවිට ඇමෙරිකාවේ ද කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්න ලැබෙන අතර ඊට හේතුව ද JN.1 වෛරසය ප්‍රභේදය බව එරට වසංගත රෝග පාලනය සහ ව්‍යාප්තිය වැළැක්වීමේ […]

ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු ක්‍රීඩා සංගමය ප්‍රථම වරට සංවිධානය කරන ජාත්‍යන්තර මෝටර් සර්ෆ් ක්‍රීඩා උළෙල මේ මස 17, 18 සහ 19 තෙදින කොළඹ බේරේ වැවේදී දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය සඳහා රුසියාව, ඉන්දියාව, සිංගප්පූරුව, ඩුබායි, චීනය, මැලේසියාව, චෙකොස්ලෝවැකියාව ඇතුළු රටවල් 12න් තරගකරුවන් සහ තරගකාරිනියන් 60කට ආසන්න […]

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙකු වන 66 හැවිරිදි ධර්මන් ෂන්මුගරත්නම් සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත. ධර්මන් ෂන්මුගරත්නම් සිංගප්පූරුවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ද වේ. වසර 10 කට පමණ පසුව සිංගප්පූරුවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් සියයට 70.4 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ධර්මන් ෂන්මුගරත්නම් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් […]

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළ කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමු කළ බවයි. සමුද්‍රීය පිරිසර ආරක්ෂණ අධිකාරිය ඉදිරිපත් කළ අතුරු වන්දි වාර්තාවලට අනුව මෙම අතුරු වන්දිය ලබා ගැනීමට නියමිතය. […]

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) සුවිශේෂී සහ නිල දත්ත මත පදනම් වූ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ජපානය වසර පහකට පසු පළමු වරට Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ඉහළම ස්ථානයෙන් ඉවත් වී 3 වන ස්ථානයට පත්ව ඇත. සිංගප්පූරුව දැන් නිල වශයෙන් ලෝකයේ බලවත්ම ගමන් බලපත්‍රය වන අතර එහි පුරවැසියන්ට ලොව පුරා […]

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීම සදහා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් , හදිසියේම යළිත් ඉහළට එසවීම නිසා පහළින් තිබූ  නිවාස සහ දේපොළ රැසක් විනාශ වී ඇතැයි මීගමුව දිසාගෙවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෝ පවසති. ගුවන් යානයෙන් ආ අධික පීඩනයත් සමග ඇති වූ නිවසවල වහළට මෙන්ම ගස් කොලන්ද කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.