කෙහෙලියට ඔක්සිජන් දෙයි . . .

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වන විට රැඳී සිටින්නේ බන්ධනාගාර රෝහලේ බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ සඳහන් කරයි.

ඔහුට ඇති වී තිබෙන රෝග තත්වයන්ට ලබා දෙන්නේ ඔහු අමාත්‍ය ධුරය දරන කාලයේ ආනයනය කල ඖෂධ බවද හෙතෙම කියා සිටියි.

සිංගප්පූරුවෙන් ගෙන්වන ලද ඖෂධ ඔහුට ලබා දෙන්නේ යැයි පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කළේය.

රඹුක්වැල්ල ට රෝගී තත්ත්වයන් හතක් ඇති බවත් ඒ බව වෛද්‍ය වාර්තා සහිත බවත් ඒ හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙන බවත් හෙතෙම පැවසීය.

මන්ත්‍රීවරයාට රාත්‍රී කාලයේ ඔක්සිජන් සැපයිය යුතු බවද පවසන ඔහු මේ වන විට බන්ධනාගාර රෝහලේදී ඔහුට එම පහසුකම් ද ලබාදෙමින් සිටින බවද කියා සිටියේය.

වයස අවුරුදු හැත්තෑවක් වන ඔහු අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග කිහිපයකට ඖෂධ වර්ග අටක් හෝ නවයක් භාවිතා කරමින් සිටින බවත් ඊට අමතරව දනහිසේ ශල්‍යකර්මයකට ලක්කර ඇණ යොදා ඇති බවද කියා සිටියේය.

එවන් රෝගියකු සම්බන්ධයෙන් බන්දනාගාර ගත කිරීමෙන් පසු ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් ද රජයක් ලෙස වගකිවයුතු නිසා රැඳවියාගේ තරාතිරම නොබලා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ සඳහා රෝහලට යොමු කරන බවත් වෛද්‍යවරයා පැවසීය.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඇඳන් 145ක රෝගීන් 380 ක් සිටින බවද පවසන වෛද්‍යවරයා එය සියයට දෙසීයක තදබදයක් බවද සඳහන් කළේය.

එහි සිටින සියලුම රෝගීන් ප‍්‍රභූවරු නොවන බවත් වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු අයට ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම . . .

Sat Feb 10 , 2024
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් තිදෙනකුට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් පහර දිමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් පඔහින්න රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහලට මාරු කර යවා ඇති අතර පහර කැමට ලක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x