මංගල උත්සවය අතර තුර බාලවයස්කාර මනාලිය පොලිස් අත්අඩංගුවට

මොරටුව අඟුලානේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අතර තුර  බාලවයස්කාර මනමාලිය සහ තරුණ මනමාලයා උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් 1929 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පැවසීය. විවාපත් වීමට ගිය මනාලියගේ වයස අවුරුදු 15 යි මාස 6 ක් බව සඳහන් කරන පොලිසිය සැකකාර තරුණයාගේ වයස අවුරුදු 19 බවත් මූලික විමර්ශනයේදී හෙළි වු බව පොලිසිය පැවසීය.

මේ වන විට තරුණයා පොලිස් අත්අඩංගුවේ පසුවන බව සඳහන් කළ පොලිසිය බාල වයස්කාර දැරිය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව ද පොලීසිය පැවසීය.

  • රේඛා තරංගනී ෆොන්සේකා
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තවත් බදු වර්ග ගණනාවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි . . .

Sun Oct 9 , 2022
නවතම බදු වර්ග ගණනාවකට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. ඒ සඳහා වන කැබිනට් අනුමැතිය පසුගිය සතියේ ලැබී ඇති බවද වාර්තා වේ. උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මාසික වැටුපක් ලබන්නන්ගෙන් ලබා ගැනීමට යෝජනා වී ඇත. ලක්ෂයේ සිට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x