ගුවන් යානය වහළත් අරන්ම යයි . . .

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීම සදහා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් , හදිසියේම යළිත් ඉහළට එසවීම නිසා පහළින් තිබූ  නිවාස සහ දේපොළ රැසක් විනාශ වී ඇතැයි මීගමුව දිසාගෙවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෝ පවසති.

ගුවන් යානයෙන් ආ අධික පීඩනයත් සමග ඇති වූ නිවසවල වහළට මෙන්ම ගස් කොලන්ද කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

සිංගප්පූරුවේ සිට පියාසර කළ මෙම ගුවන්යානය  කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට  පැමිණි අවස්ථාවේ ගුවන් යානය වඩා පහළ මට්ටමකින් පියාසර කිරීමනිසා ගුවන් නියමුවා එම ගුවන් යානය ඉහළට ඔසවා ඇත.

ඒ අවස්ථවේ මෙම යානයේ ඇංජින්  නිකුත් වන අධික ශබ්දය සමග පසුපසට සිදු වන වායු තෙරපුම නිසා මෙම දැඩි සුළං තත්වය ඇති වී තිබෙනවා .

මෙම යානය තුළ මගීන් 292 ක් සහ කාර්යය මණ්ඩලය 12 ක් ගමන් කර ඇති අතර එහි එක් ඇංජිමක අශ්ව බල 75,000 ක පමණ ධාරිතාවයක් ඇතැයි කියති . එවැනි ඇංජින් දෙකක් මේ ගුවන් යානයට තිබේ.

ගුවන් යානය පාහළට පැමිණිමත් සමග මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් යානය ඉහළට ඔසවා ඇති අතර ඔහුගේ එම සේවය ඇගැයීමකට ලක් කර ඇත.

අපි මේ පිළිබඳ කටාන පොලිසියට සහ කටුනායක ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට ලිඛිතව දැනුම් දුන් බව ගම්වාසීහු පවසති.

මෙම සිදුවීම නිසා දාගොන්න ගොඩැල්ල ඇතුන් නෑවූ තොටුපොළේ සිට කඩවල මංගලාරාම විහාරස්ථානය දක්වා කිලෝ මීටර් 05 ක පමණ ප්‍රදේශයක පිහිටි දේපොළ සහ නිවාස ආපදාවකට ලක් වී ඇතැයි කියති.

අපදාවට ලක් වූ පිරිසට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් පිසූ ආහාර ලබා දීමට පියවර ගෙන තිබුණි.

  • ටී.කේ.ජී.කපිල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලිසියට විරෝධය පා උසාවි වහළට නැගලා . . .

Tue Jul 18 , 2023
මැල්සිරිපුර පොලීසියෙන් තමන්ට අසාධාරණයක් සිදු කළ බව පවසන පුද්ගලයකු අද ( 18) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහල මතට නැඟ විරෝධතාවයක යෙදී සිටියි. වයස අවුරුදු 55 ක් පමණ වන පුද්ගලයකු මෙසේ විරෝධතාව⁣යක නිරතව සිටින අතර ඔහු මත්පැන් පානය කර ඉන් පසුව අධිකරණයේ වහල මතට ගොඩවූ බව සිද්ධිය දුටුවෝ පැවසූහ. කුරුණෑගල මහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x