බේරේ වැවට බහින්න 60දෙනෙක් සූදානමින් . . .

ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු ක්‍රීඩා සංගමය ප්‍රථම වරට සංවිධානය කරන ජාත්‍යන්තර මෝටර් සර්ෆ් ක්‍රීඩා උළෙල මේ මස 17, 18 සහ 19 තෙදින කොළඹ බේරේ වැවේදී දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලිය සඳහා රුසියාව, ඉන්දියාව, සිංගප්පූරුව, ඩුබායි, චීනය, මැලේසියාව, චෙකොස්ලෝවැකියාව ඇතුළු රටවල් 12න් තරගකරුවන් සහ තරගකාරිනියන් 60කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිත බවට වාර්තා වේ.

රළ පැදීමේ ක්‍රීඩාව සඳහා උචිත ශ්‍රී ලංකාවේ තවමත් යාන්ත්‍රික රළ පැදීම හෙවත් මෝටර් සර්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත වී නොමැති වීම හේතුවෙන් අදාළ ක්‍රීඩාව සඳහා නිසි අවධානයක් යොමු කරවීම, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ තරග වැදීමට අවශ්‍ය බලපත්‍ර සැපයීම සමග මෙම ක්‍රීඩාව හරහා ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයන් සංඛ්‍යාවක් කැඳවීම මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ පරමාර්ථය බවට ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු ක්‍රීඩා සංගමය නිවේදනය කර තිබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කාලගුණේට කෝටියක දීමනා ගෙවලා . . .

Fri Nov 3 , 2023
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රුපියල් කෝටියකට වැඩි වටිනා දීමනා  පසුගිය 2022 වර්ෂයේදී  ඇඟිලි සලකුණු යන්ත්‍ර   මගින් කාලය තහවුරු කර නොගෙන නීති විරෝධීව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. අතිකාල හෝ  නිවාඩු දින  ආදී  දීමනා  ගෙවීම්  කිරීමට  කාලය පදනම් කර ගන්නේ නම් ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x