මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා. මැලේසියාවේ නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවකට යොදාගත් හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරින් එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර අනෙක ඒ අසල […]

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මැලේසියාව බලා පිටව යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද ක්‍රියාත්මක වෙමින් පවතින නිසා අදාළ පුද්ගලයා සිය ජීව දත්ත තොරතුරු වෙනස් කර ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය සකස් කර තිබුණි. එලෙස අත්අඩංගුවට පත්ව […]

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එරට මහල් නිවාස සංකීර්ණයක සිදුකළ විශේෂ පරීක්ෂාවකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. එහිදී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 358 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් පුද්ගලයින් […]

රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ අද (13) පැවසීය. මෙම බහලුම් හතර සම්බන්ධයෙන් රේගුවට ඇතිවූ සැකය මත නවතාගෙන […]

මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර්හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් (Sultan Ibrahim Sultan Iskandar) දිවුරුම් දී තිබේ. ඒ අනුව ඔහු මැලේසියාවේ 17 වන රජු ලෙස රාජ්‍යත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය අද (31) පවත්වා ඇති අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු පිරිසක් […]

මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසන්නීය. අද (30) පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. “මිනිස්සු කම්පනයට පත්කළ පුවතක් මේ දරුවන් 13 […]

ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු ක්‍රීඩා සංගමය ප්‍රථම වරට සංවිධානය කරන ජාත්‍යන්තර මෝටර් සර්ෆ් ක්‍රීඩා උළෙල මේ මස 17, 18 සහ 19 තෙදින කොළඹ බේරේ වැවේදී දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය සඳහා රුසියාව, ඉන්දියාව, සිංගප්පූරුව, ඩුබායි, චීනය, මැලේසියාව, චෙකොස්ලෝවැකියාව ඇතුළු රටවල් 12න් තරගකරුවන් සහ තරගකාරිනියන් 60කට ආසන්න […]

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2024-3- 31 දින දක්වා කාලය සඳහා චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන් හට නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම, විදේශ සංචාරකයන්ට ලෝක උරුම හා […]

ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශගත වීම් වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්” කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඊයේ (අගෝ. 21) විවෘත කරන ලදී. ඕමානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත මෑත කාලීනව විශාල වශයෙන් සංචාරක වීසා යටතේ […]

මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ට වසර 53 කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (නොවැ. 19) වන දා පැවති මහ මැතිවරණයෙන් ඔහුට සිය පාර්ලිමේන්තු අසුන අහිමි වූ බව ය. එය ආසියාවේ දීර්ඝ කාලයක් බලයේ සිටි දේශපාලනඥයකුගේ වෘත්තීය ජීවිතය අවසන් කිරීමට ඉඩ ඇති පරාජයක් බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.