කෝටි 15 ක නිමි ඇඳුම් රේගු භාරයට . . .

රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ අද (13) පැවසීය.

මෙම බහලුම් හතර සම්බන්ධයෙන් රේගුවට ඇතිවූ සැකය මත නවතාගෙන පරීක්ෂණ කළ බවත් පානදුර, වත්තල සහ කොළඹ 10 යන ප්‍රදේශවල ආයතන තුනක් ආනයනය කළ මෙම බහලුම් හතර එකම ආයතනයකට නිෂ්කාශනය සඳහා පවරා තිබීමෙන් එම සැකය වඩාත් වැඩි වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම බහලුම් හතර රේගුව නොමග යවා විනිශ්කාශනය කරගත්තේ නම් රජයට රුපියල් කෝටි හයකට අධික තීරු බදු ආදායමක් අහිමිවීමට ඉඩ තිබූ බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම නිමිඇඳුම් තොගය පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ බහලුම් දෙකක තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් උඳු කිලෝග්‍රෑම් 12,688 තොගයක්ද භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීබලී අරුක්ගොඩ වැඩිදුරටත් සඳහන් කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රෝහලේ වෛද්‍ය ආපනශාලාව වසා දැමිමට නියෝග . . .

Wed Feb 14 , 2024
නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් (12) දිනය පුරා සිදුකල හදිසි පරික්ෂාවකදි නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ ආපනශාලාව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් පවත්වාගෙන යාම නිසා එම ආපනශාලාව තාවකාලිකව වසා දැමිමට වැසිම් නියෝගයක් නිකුත් කල බව නුවරඑලිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් පැවසිය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x