වීසා නැතුව මැලේසියාවේ සිටි විදේශිකයින් අත්අඩංගුවට . . .

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එරට මහල් නිවාස සංකීර්ණයක සිදුකළ විශේෂ පරීක්ෂාවකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 358 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් පුද්ගලයින් 158 දෙනෙකුටම මැලේසියාවේ රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර තිබී නොමැති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 83 දෙනෙකු, කාන්තාවන් 54 දෙනෙකු, පිරිමි ළමුන් 08 දෙනෙකු සහ ගැහුණු ළමුන් තිදෙනෙකු සිටි බව මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ‍ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයින්ට අමතරව ඉන්දුනීසියාව, නේපාලය, මියන්මාරය, බංග්ලාදේශය, චීනය, පාකිස්තානය සහ වියට්නාමය යන රටවල පුද්ගලයින් සිටින බව සඳහන්ය.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සංචාරක වීසා මත එරටට පැමිණ මහල් නිවාස කුලියට ගෙන විවිධ රැකියාවල නිරත වෙමින් සිට ඇති බව වාර්තා වෙයි.

ඇතැම් පිරිස් අවුරුද්දකට වැඩි කාලයක් මලයාසියාව තුළ නීතිවිරෝධීව රැඳී සිට විවිධ රැකියාවල නිරත වී ඇති බව එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණ වී තීබේ.

නිසි අවසරයකින් තොරව විදේශිකයින් සඳහා රැකියා ලබාදීම සහ ඔවුන්ට නවාතැන් ලබාදීම සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අයිස්ලන්තයට හදිසි තත්ත්වයක් . . .

Sun Mar 17 , 2024
ගිනිකඳු අවදානමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ජනතාවට දැනුම්දී ඇති අතර මේ වනවිටත් ලාවා ගලායමින් පවතින බවයි සඳහන් වේ. මීට පෙර ගිනි ගැනීමට ලක්වූ ග්‍රින්ඩාවික් නගරය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ලාවා ගලා යමින් පවතින බව විදෙස් වාර්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x