කාන්තාවකගේ මොළයකින් වටපණුවෙක් හමුවෙයි . . .

ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුළ සිටි අඟල් 3ක් පමණ දිගැති පණුවෙක් ඉවත් කිරීමට එරට වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සමත්වී තිබේ.

මිනිස් මොළයක සිටියදී පණ පිටින් පණුවෙකු හමුවූ පළමු අවස්ථාව මෙය වියහැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම කාන්තාවගේ හානියට පත්වී තිබු මොළයේ ඉදිරි කොටසේ ශල්‍ය කර්මයක් අතරතුරදී පටක අතර සිටියදී එම රතු පැහැති පණුවා හඳුනා ගැනුණි.

රක්ත වර්ණ එම පරපෝෂිතයා එම කාන්තාවගේ මොළයේ මාස දෙකක් පමණ කාලයක් සිටින්නට ඇතැයි අනුමාන කෙරේ.

වෛද්‍ය පර්යේෂකයින් පවසන්නේ සතුන්ගෙන් මිනිසාට රෝග බෝවීමට ඇති හැකියාව වැඩිවී ඇති බව මින් පෙනී යන බවයි.

එම කාන්තාවගේ ශල්‍යකර්මයට එක්වී සිටි වෛද්‍ය සංජය සේනානායක පැවසුවේ ශල්‍යාගාරයේ සිටි සියලුම දෙනා තමන් දුටු දෙයින් පුදුමයට පත්වූ බවයි.

“මෙය නව රෝගී තත්ත්වයක්. මීට පෙර මෙවැන්නක් වාර්තාවී තිබුණේ නැහැ,” යනුවෙන්ද වෛද්‍ය සේනානායක පැවසීය.

එම පණුව “Ophidascaris robertsi” නම් වට පණුවෙකි. විෂ රහිත සර්පයෙක් වන “carpet pythons” තුළ එම වට පණුවා හමුවන අතර මෙම සර්පයා ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලින් හමුවෙයි.

එම කාන්තාවගේ සෞඛ්‍ය පිරිහීම හේතුවෙන් රෝහල්ගත කර තිබූ අතර එහිදී සිදුකළ පරීක්ෂණයකදී මොළයේ අසාමාන්‍ය තත්ත්වයක් දැක ශල්‍යකර්මය සිදුකිරීමට වෛද්‍යවරු තීරණය කළහ. අදාළ වට පණුවා සොයාගැනුනේ එම අවස්ථාවේදීය.

එම කාන්තාව මේ වනවිට සුවය ලබමින් සිටින බව සඳහන් ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අටමස්ථාන වැඳ පුදාගන්න විශේෂ බස් රථ සේවාවක් . . .

Wed Aug 30 , 2023
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථාන වැඳ පුදාගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ දක්වා විශේෂ බස් රථ සේවාවක් අද (අගෝ. 30) සිට ආරම්භ කර ඇත. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x