මැද පෙරදිග රටවලට යන කාන්තාවන් විවිධ ජාවාරම් සඳහා යොදවයි . . .

 

ඕමාන් ඇතුළු මැද පෙරදිග රටවලට ශ්‍රමිකයන් ලෙස රැගෙන ගොස් ගණිකා වෘත්තිය ඇතුළු ජාවාරම් සඳහා කාන්තාවන් යෙදවීමේ නිරත ජාවාරමුන් සොයා රටවල් දහඅටකට විශේෂ විමර්ශන කණ්ඩායම් පිටත්කර යැවීමට ජනපති රනිල් වික්‍රමසිංහ නියෝග කර ඇත.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මෙහෙයවනු ලබන ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකාය (National Anti Human Trafficking Task Force) වෙත මෙම මෙහෙයුම භාර දී ඇත. මෙම ජාවාරම් සඳහා සම්බන්ධ ඒජන්සිකරුවන්, තානාපති අංශ නිලධාරින්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් හා ආගමන විගමන නිලධාරින් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීම මෙම මෙහෙයුමේ අරමුණය. මිනිස් ජාවාරම් නැවැත්වීම සඳහා මෙම පියවර ගෙන ඇත. ඕමානයේ ආරක්ෂිත නිවස්නයක් තුළ දැනටමත් අසරණ වූ කාන්තාවන් 41 ක් රඳවා සිටින බව හෙළි වී ඇත. ඕමානයට ගොස් මෙම පිරිස හමුවී ඔවුන් එම රටට යැවීමට මුල්වූ ජාවාරම්කරුවන් සෙවීමට පළමු මෙහෙයුම ලෙස භාර දී තිබේ. ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකාය මෙවැනි විශේෂ මෙහෙයුමකට එක්වන පළමු වතාව මෙය වේ. ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකායේ මෙම කණ්ඩායමට විශේෂිත පුහුණුවක් ඇති පිරිසක් යැවීමට තීරණය කර ඇත.

රාජ්‍ය බුද්ධි සේවාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම අංශ නියෝජනය වන නිලධාරින් කණ්ඩායමක් මේ සඳහා පිටත්කර යැවීමට උපදෙස් දී තිබේ. මෙම කාර්යසාධක බළකා වසර දහයක් තිස්සේ අධිකරණ අමාත්‍යාංශය යටතේ පැවැති අතර එය විශේෂ අනුමැතියකින් 2021 දී ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ඇත. මැද පෙරදිග රටවලට කාන්තා ශ්‍රමිකයන් ලෙස ගොස් හාම්පුතුන්ගේ අතවරවලට ලක් වූ විශාල පිරිසක් එම රටවල රැඳී සිටින බවද මේ වන විට හෙළි වී තිබේ. ඕමානයේ ආරක්ෂිත නිවස්නය තුළ පමණක් පීඩනය දරාගත නොහැකිව සිහි විකල් වූ කාන්තාවන් නව දෙනකු සිටින බව ද හෙළි වී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ව්‍යාපාරිකයකුගේ ගෙල මිරිකා බෑගයක් කොල්ලකෑ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයා . . .

Tue Sep 20 , 2022
සල්ලි බෑගයක් යැයි සිතා ව්‍යාපාරිකයකුගේ ගෙල මිරිකා බෑගයක් කොල්ලකෑ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු ඇතුළු තිදෙනකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු හිටපු හමුදා සෙබළකු බව පොලිසිය කියයි. එහි මුදල් නොතිබී ඇති අතර වෙනත් භාණ්ඩ වගයක් තිබූ බව පොලිසිය පවසයි. සැකකරුවන් සමග කොල්ලකන ලද භාණ්ඩ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x