විදේශකයින්ට දීර්ඝකාලීන  වීසා බලපත්‍ . . .

වර්තමානය වන විට ශ්‍රි ලංකාව තුල වඩාත්ම වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් ලෙස අධි සුඛොපභොගි මහල්  නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති (Condominium Development Project) හදුනා ගෙන ඇත.  මෙම කර්මානතයේ වර්ධනය වෙනුවෙන්  මෙම සුඛෝපභෝගී  නිවාස ලබා ගන්නා විදේශකයින් සඳහා  දිර්ඝකාලීන  වීසා  බලපත්‍ර ලබාදීමේ  වැඩ පිලිවෙලක්  ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී  හදුන්වා දෙන ලදි.

සහාධිපත්‍ය නිවස්න ඒකක (සුඛොපභොගි මහල්  නිවාස) ඉදි කරන්නන්  හා එම නිවාස මිලදී ගන්නන්  විසින්  දීර්ඝ කාලයක් සිට රජයෙන් හා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයෙන් කළ  ඉල්ලීමකට අනුව දීර්ඝ කාලීන විසා බල පත්‍ර ලබා දීමේ මෙම වැඩ පිළිවල ක්‍රියාත්මක කිරීම   සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබි ඇත.

දීර්ඝකාලීන  වීසා බලපත්‍ර ලබාදීම තුලින්,  අධි සුඛොපභොගි මහල්  නිවාස සංවර්ධන ආයෝජකයින් හා එම නිවාස මිලදි ගන්නා විදේශිකයන් දිරිමත් කිරිම මෙන්ම, වැඩි සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් රට තුලට ගලා ඒම අපේක්ෂිතයි. නව වැඩපිළිවෙල යටතේ වසර 5කට සහ 10කට  යන කාණ්ඩ යටතේ වීසා බලපත්‍ර නිකුත් කරයි.

වසර 10ක වීසා බලපත්‍ර හිමිකම් ලැබෙනුයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 2 ක ආයෝජනකයකින් නාගරික ප්‍රදේශයක සහාධිපත්‍ය නිවාස මිලදී ගන්නා හිමිකරුවන්ටය. වසර 5ක විසා බලපත්‍ර හිමිවනුයේ නාගරික ප්‍රදේශයක ඇ.ඩො 1,50,000ක වටිනාකමින් යුතු නිවාස මිලදී ගන්නා අයටය. එමෙන්ම වසර 5 ක බලපත්‍රය  ඇ.ඩො ලක්ෂ 5 කට  වටිනාකම්න් යුතු නිවාස ඒකක මිලදී ගන්නා සමාගම්වල උපරිමය අධ්‍යක්ෂවරු 4 දෙනෙකුට  හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ට හිමිවේ.

මෙහිදි අදහස් දක්වන ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ,

අධි සුඛොපභොගි මහල් නිවාස 30,000ක් පමණ මෙරට පවතින අතර ඉන් 5000ක් පමණ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘති  යටතේ පවතින ව්‍යාපෘති වේ. මෙම සියලු ව්‍යපෘති සදහා මෙම දිර්ඝකාලීන වීසා බලපත් නිකුත් කිරීම මෙම වැඩසටහන අනුව ක්‍රියාත්මක කෙරේ.  මේ තුලින් ඕනෑම රටක විදේශිකයෙකුට මෙරට සහාධිපත්‍ය නිවස්න මිලදී ගැනීමටත්, ඒ සදහා ආයෝජන කිරීමට ඇති අවස්ථාවන් පුළුල් වේ. මේ වනවිටත් චීනය, ඉන්දියාව, පාකිස්ථානය, කොරියාව, රුසියාව සහ ඉරානය වැනි රටවල ආයෝජකයින් මෙම ක්ෂේත්‍රයේ විශාල ලෙස ආයෝජන කර ඇත. එමෙන්ම අගනුවරින් බැහැර ගාල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල හා අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවලදි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති සමාගම් ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතේ  ලියාපදිංචි කිරීම අද දින සිදු කෙරුණු අතර මෙම වැඩසටහන ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එක්ව කටයුතු කරයි.

– සුජිත් කොඩිතුවක්කු

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නිවසේ ඇඳ යට කල්ගෙවූ පෙම්වතිය . . .

Sun Nov 13 , 2022
මාසයකට ආසන්න කාලයක් සිය විසි දෙහැවිරිදි පෙම්වතියව නිවසේ ඇඳ යට සඟවා ගෙන සිටි දහසය හැවිරිදි සිසුවෙකු පිළිබඳව උහන ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වෙනවා. අදාළ සිසුවාගේ දෙමව්පියන් වෙළඳසැලක් පවත්වාගෙන යන අතර ඔවුන් උදෑසනින්ම නිවසින් පිටව ගොස් යළි එන විට රෑ බෝ වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. එම නිසාවෙන් දිවා කාලයේ නිවසේ කිසිවෙකුත් නොසිටින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x