ටිකට් පත දෙකට කැපේ . . .

දුම්රිය ප්‍රවේශ පත්‍ර වල දැඩි හිගයක් මතුව තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය සඳහන් කරයි. මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දැඩි අපහසුතාවයට පත්වන බවද සංගමය පෙන්වා දෙයි.

ඇතැම් දුම්රිය ස්ථානවල රුපියල් 40/= ටිකට් පත දෙකට කපා මගින් දෙදෙනකු වෙත නිකුත් කිරීමට පවා සිදුව ඇතැයිද ඔවුන් සඳහන් කරති. ප‍්‍රවේශපත් මුද්‍රණය කිරීමට දෙපාර්තමේන්තුව සතු යන්ත්‍ර පැවතියද ඉන් කිහිපයක් මේ වන විට අක්‍රීය ඇති බවත් සංගමය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත ප්‍රවේශ පත් මුද්‍රණය රජයේ මුද්‍රණාලයට ලබාදී ගැටලු විසඳන්නයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔවුන් තව දුරටත් කියා සිටිති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාඩුට එලිය දෙන "ලංවිම" . . .

Wed Nov 16 , 2022
ගත වූ මාස තුනක කාලයේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 4,431 ක පාඩුවක් ලබා ඇත. මේ බව දැක්වෙන්නේ මණ්ඩලය විසින් ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාර්තතුවට අදාලව නිකුත් කර ඇති මූල්‍ය වාර්තාවේය. 2021 වසරේ එම කාර්තුවේදී මණ්ඩලය රුපියල් කෝටි 2,145 ක පාඩුවක් ලබා ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x