රනිල් නැහැදිච්ච මිනිහෙක් . . .

පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ බලාගෙන ඉන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ බවත් මින් පෙර කිසිදු නායකයෙක් මෙවන් කතාවක් කියා නැති බවත් පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ සඳහන් කරති.

පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ හරියට කළ නිසා අදටත් මේ රට රැකී ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ. රට ආරක්ෂා වී රනිල් වික්‍රමසිංහට ඔය පුටුවේ වාඩි වෙන්නට හැකියාව ලැබුණේද පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ හරියට කළ නිසා බවද උන්වහන්සේ පැවසූහ.

භික්ෂූන් වහන්සේලාට සිවුරු පොරවාගත් බට්ටන් ඇයි ඇමතීමට තරම් රනිල් වික්‍රමසිංහ නැහැදිච්ච මිනිහෙක් වී ඇතැයි ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ. මෙම ප්‍රකාශය මෙරට තිස් හතළිස් දහසක් වන භික්ෂූන් වහන්සේලාට කරන ලද බරපතල අපහාසයක් බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් සිරිසුමන හිමියන් මෙම අදහස් පල කරන ලදී.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ණය ප්‍රතිව්‍යුහගත නොකලහොත් මිලියන ගණනාවක ජීවිත අවදානමේ . . .

Fri Nov 25 , 2022
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ණය හිමියන් විසින් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ශ්‍රී ලංකාවේ මිලියන ගණනාවක ජීවිත අවදානමට ලක්වනු ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියා සිටියි. මෙරට ආර්ථික ස්ථාවර භාවය සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් එකඟතාවය පළ කළ යුතු බවත් එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙක් ජාත්‍යන්තර සංවිධානවල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x