ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්තවේ . . .

ලාංකීය සංගීත ක්ෂේත්‍රය අස්වැද්දු ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන එකොළොස් වැනි ඉරිදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ ඔහු පදිංචිව සිටි අංක 92, නාලන්දාරාම පාර, පතිරගොඩ, මහරගම යන ලිපිනයෙහි පිහිටි නිවසේදියි. එදින පස්වරු 6 ට ගොඩිගමුව පොදු සුසාන භූමියේ දී නුවන් ගුණවර්ධනයන්ගේ ආදාහන කටයුතු සිදු කෙරෙන බව ද පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

“කඳුළින්ම ගැයූ”‍, “කිරි මුහුදු වෙරළේ” වැනි ජනප්‍රිය ගී රැසක් සහෘද රසිකයාගේ රසවින්දනයට තිළිණ කළ මෙම ජනප්‍රිය ගායකයා ඊයේ දිනයේ දී අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියෙහි පසුවුණා.

ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටියදියි ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වූයේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සජිත්ට සහ රංජිත් මද්දුමබණ්ඩාරට එරෙහිව පෙත්සමක් . . .

Fri Dec 9 , 2022
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන අය සමගි ජනබලවේගයේ සාමාජිකත්වය හා තනතුරු දැරීම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශ කරමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගොනුකළ පෙත්සමකට අදාළව ලබන ජනවාරි 25 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි ඔවුන් දෙදෙනාට කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය අද නොතීසි නිකුත් කළේ ය.  ජනාධිපති නීතිඥ උදිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x