දිනකට පැය 10 ක විදුලි කප්පාදුවක් . . .

අවශ්‍ය තරමට ගල් අගුරු නොමැති වීම මත නොරොච්චෝල තාප විදුලි බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කරවීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇත.

අවශ්‍ය ප‍්‍රමාණයට ගල් අගුරු නොලැබුණොත් එළැඹෙන ජනවාරි පළමුවනදා සිට දිනකට පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටී.

විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල ධාරිතාව අඩු වී යාම, ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට වර්ෂාව නොමැති වීම සහ තාප බලාගාරවලට ඉන්ධන නොමැති වීම මත මෙම තත්වය උද්ගත වී තිබේ.

නොරොච්චෝල තාප විදුලි බලාගාරය මෙරට ජාතික අවශ්‍යතාවයන් අඩකට ආසන්න ප්‍රමාණයක් විදුලි නිෂ්පාදනය කරනු ලබයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

JVP පාලනයක් පිහිටුවන්නේ නම් විදේශගත ලාංකිකයන් සල්ලි එවීමට සුදානම් . . .

Tue Dec 20 , 2022
තම පාලනයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවන්නේ නම් ලොව පුරා රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සල්ලි එවීමට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. මෑතක දී සිදුකළ විදේශ සංචාරයේ දී ඔවුන් ඒ බව පැවසූ බවද පැවසූ ප්‍රධාන ලේකම්වරයා මුදල්ද එවීමට අමතරව විදේශගත ලාංකිකයන් ශ්‍රී ලංකාවට එන බව පැවසූවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x