ආදර්ශා රටින් පැන්නාද? ආශු පැන යාමට පෙර ස්ථාලය වසනු !

ආශු මාරසිංහගේ ස්කිල් ඩෙවෙලොප්මෙන්ට් ඒජන්සිය ජපානයට වීසා ලබා දෙන මුවාවෙන් සිදුකොට ඇති වංචාව බිලියන 2 කට ආසන්නය. එහි දල සටහනක් පහත පරිදිය.

  • අයෙකුගෙන් ලක්ෂ 1.5 බැගින්, සාත්තු සේවක වෘත්තිය සඳහා  පුද්ගලයන්-  866
  • අයෙකුගෙන් ලක්ෂ 2 බැගින්, ආහාර සේවා වෘත්තිය සඳහා පුද්ගලයන්-  660
  • අයෙකුගෙන් ලක්ෂ 3 බැගින් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන්-  15
  • අයෙකුගෙන ලක්ෂ 2 බැගින්, කෘෂි  සේවකයන් ලෙස පුද්ගලයන්-  44

ආශුගේ ඒජන්සිය ජපන් යවන බව පවසා 1580 දෙනෙකුගෙන් මුදල් ලබා ගෙන ඇත .මේ දක්වා එකදු පුද්ගලයෙකු වත් ජපානයට යවා නැත . අශු මාරසිංහ මහාචාරය වරයෙකු ලෙස පෙනී සිටින අයෙකි .එවැනි අයෙකු මෙවනි අපරාධයක් කිරීම මහත් ඛේදවාචකයකි.

ආශුගේ සමාගමේ අධක්ෂකවරියක් සහ ආශුගේ බිරිද බව කියන ආදර්ශා කරඳන මීට පැයකට පෙර  # Katunayaka යන ශීර්ෂයෙන් මුහුණුපොතේ ඡායාරූපයක් පලකොට ඇත.මධ්යවේදියෙකු ඇය රටින් පැන්නාද කියා විමසූ විට , රටින් පිටවූ බව සනාථ කරන අන්දමේ පිළිතුරක් ලබා දී ඇත.

කරුණු එසේ හෙයින් ආශු මාරසිංහ වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂන කළ යුතුය . මෙවැනි වංචා සම්බන්ධව නෑසු කන්ව සිටීම භායානක පූර්වාදර්ෂයක් වනු ඇත. එසේ වුවහොත් ලංකාව නීතියක් නැති මා‍ෆියා රාජ්යයක් වනු ඇත

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අද, ප්‍රොපට් ජෙරම් සිදුකරන්නේ එදා අබ්දුල් රාසික් රඟ දැක්වූ භූමිකාවය

Tue Jan 24 , 2023
Divide And Rule ( Divide and conquer ) මූලධර්මය භූ දේශපාලනය තුල වැඩියෙන්ම භාවිතා කරන උපක්‍රමයකි. මහින්ද රාජපක්ෂ මෙම තියරිය භාවිතා කොට අති සාර්ථ්ක ප්‍රථිපල අත් කරගත්තේය. මහින්ද මුලින් ප්‍රතිවාදි කඳවුර තුල අභ්‍යන්තර ගැ‍ටුම් නිර්මාණය කරනු ලබයි. ඉන්පසු ප්‍රතිවාදියා දෙපිලකට වෙන් කරනු ලබයි. පැරණි වාමාංශිකයන්, ජවිපෙ, ශ්‍රීලනිප, එජාපය, TNA අති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x