ඉන්දියාවේ 74 වන ජනරජ දිනය අදයි . . .

ඉන්දියාවේ 74 වන ජනරජ දිනය අදට (ජන. 26) යෙදී තිබේ.

එරට නව ජනාධිපතිනිය ලෙස පසුගිය දා තේරී පත්වූ ද්‍රෞපදි මුර්මු සහභාගි වන පළමු ජනරජ දිනය ද මෙය වේ. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆට්ටාත් මෙවර එරට ජනරජ දිනයේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගි වී ඇත.

නව දිල්ලි නුවර කර්තව්‍යා පාත්හිදී සැමරෙන මෙවර ඉන්දීය ජනරජ දිනය විචිත්‍ර අංග රැසකින් සමන්විතය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට යුද්ධ හමුදා ස්මාරකයට අචාර දැක්වීමෙන් පසු සැමරුම ආරම්භ කර ඇත.

මේ අතර, 74 වන ඉන්දීය ජනරජ දිනයට සමගාමීව ශ්‍රී ලංකවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ සංස්කෘතික උත්සවයක් කොළඹ බණ්ඩාරනායක ඇනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක් වී තිබේ.

එමෙන් ම, මහනුවර පිහිටි ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ ද අද ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් පවත්වා ඇති අතර එය ඉන්දීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය එස්. අතිරා මෙනවියගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සිරිමාවෝ වාර්තා චිත්‍රපටයට සම්මානයක් . . .

Thu Jan 26 , 2023
හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතාපදානය පාදක කරගෙන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අනෝමා රාජකරුණාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් හිමිවිය. Our Mother, Grand Mother, Prime Minister Sirimavo නමැති මෙම වාර්තා චිත්‍රපටයට සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වය ම උපයෝගී කරගෙන තිබේ. 1916 වසරේදී උපන් මැතිනියගේ පසුගිය 2016 වන වසරේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x