සියලුම මගී ප්‍රවාහන බස්‍ රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා . . .

හෙට (01) සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය. අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ මහතාගේ ප්‍රකාශය පහතින්,

“බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉදිරිපිට තියෙන හයිලෙවල් මාර්ගයෙන් බස්රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හා පැටවීම ආදිය කිරීම නිසා මාර්ග අනතුරු හා මගීන්ගේ ජීවිත පිළිබඳ අවධානමක් ඇති වෙලා තියෙනවා. අපි තීන්දුවකට ඇවිල්ලා තියෙනවා කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ මගීන් පැටවීමට හෝ මගීන් බැස්සවීමට වාහන නැවැත්වීම සපුරා තහනම්. මේ මාර්ගයේ ගමන්කරන මගීන් ප්‍රවාහනය කරන සියලූම බස්රථ මාර්තු මස 1 වනදා සිට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළට පැමිණ ඒ හරහා කටයුතු කරන්න නියම කරනු ලබනවා. මේ නියමය සියලුම බස්රථවලට අදාළ වෙනවා.එසේ නොමැතිව පැමිණිලි ලැබිලා තිබුණොත් පරීක්ෂණයකින් පසුව ගමන් බලපත්‍රය අහෝසි කරන්න සිද්ධවෙනවා.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි බිලට එරෙහිව පිරිසක් පාරට බහියි . . .

Tue Feb 28 , 2023
ඊයේ (27) රාත්‍රියේ කැකිරාව නගරයේ දී ප්‍රදේශවාසීන් විදුලි බිල් පුලුස්සා, පන්දම් දල්වා විරෝධතාවයක නිරත වී තිබිණ. ඒ ජනතාව මත බර පටවා දරා ගත නොහැකි ලෙස වැඩිකර ඇති විදුලි බිල වහාම අඩුකරන ලෙස ආණ්ඩුවට බල කරමින්ය. පැයකට අධික කාලයක් පැවැති එම විරෝධතාවයට එක් වූ පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින්, විරෝධතා පාඨ කියමින්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x