බෝට්ටුවේ සිදු වූ දරු ප්‍රසූතිය . . .

බෝට්ටුවකින් රෝහලට යමින් සිටි ගැබිනි මවක් බෝට්ටුවේදීම දරු ප්‍රසූතිය සිදුකළ පුවතක් යාපනයෙන් වාර්තා වේ.

ප්‍රසව වේදනා ඇති වූ අදාළ ගැබිනි මව නාගදීපය අසල තොටුපළේදී දරුවා ප්‍රසූත කර ඇත.

ඇය ප්‍රථමයෙන් නාගදීප මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරුන්ගේ උපදෙස් මත යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.

ඒ අනුව යාපනය ශික්ෂණ රෝහල වෙත යමින් සිටියදී ගැබිනි මව මෙම සිදුවීමට මුහුණ දී තිබේ.

ප්‍රසව වේදනා පැමිණීමත් සමග බෝට්ටුවේ සිටි මගීන් සියලුම පිරිමින් ඉහළ තට්ටුවට යවා දරුවා ප්‍රසූත කිරීමට ඇයට උදව් කර ඇත.

අනතුරුව බිළිඳා සමග මව කූරිකඩ්ඩුවාන ජැටිය වෙතට රැගෙන විත් ගිලන්රථයක් සමගින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ වන විට අදාල දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටද යාපනය රෝහලේ වෛද්‍යවරුන් පැවසීය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජාතික හැඳුනුම්පත් නොමැති අයට දැනුම්දීමක් . . .

Mon Apr 22 , 2024
ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබේ.  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රි පැවසුවේ, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. එම හැඳුනුම්පත් නිකුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x