මෛත්‍රිපාලගේ පෙත්සම විසිවේ . . .

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව සඳහන් කරමින් එහි වින්දිතයන් පැවරූ නඩු වලින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන ගොනු කළ රිට් පෙත්සම කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය රුපියල් 21,000/= ක නඩු ගාස්තුවකට යටත්ව  නිශ්ප‍්‍රභ කළේය.

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතූවෙන් සිදුවූ අගතියට වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පුද්ගලික තමන්ට නොව රජයට බව සඳහන් කරමින් එම නඩුවලින් තමා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව සිවිල් අභියාචනා අධිකරණය එලෙස නියම කළේය.

සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කරන සංජීව මොරායස් හා ෆෑන්ක් ගුණවර්ධන ඉදිරියේ නඩුව විභාග කිරීමෙන් අනතුරුව එලෙස තීන්දු කළේය.

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතූවෙන් සිදුවූ අගතියට හිටපු ජනපති මෙත‍්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා නීතිපතිවරයා ඇතුළු විත්තිකරුවන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලා 109 දෙකු කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබිණී.

  • මනෝප‍්‍රිය ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රනිල්ගේ නම ඉවත් කරයි . . .

Wed Mar 1 , 2023
පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් පවරා ඇති නඩු 108 වගඋත්තරකාරීත්වයෙන් ජනපති රනිල් වික‍්‍රමසිංහ  ඉවත් කිරීමට කොළඹ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x