විදුර වික්‍රමනායකට සහ ඩී. බී. හේරත්ට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ලවේ . . .

වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 250ක වියදමින් ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අමාත්‍ය විදුර වික්‍රමනායක හා අමාත්‍ය ඩී. බී. හේරත්ට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ල විය. විරෝධතාවයට එක්වූ පිරිස කියා සිටියේ මෙම ගොඩනැගිල්ල මීට පෙර වාර ගණනාවක් විවෘත කර ඇති බවයි.

තවද මෙම මධ්‍යස්ථානය පිහිටි මහකෙළිය කටුපොත මාර්ගය කලක සිට අබලන්ව පවතින බවත් මෙවැනි ව්‍යාජ උත්සව වලට වැය කරන මුදල් මාර්ගය අළුත්වැඩියා කිරීමට යොදවන ලෙසද පිරිස ඉල්ලා සිටියහ. කෙසේ වෙතත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක උත්සවයට පැමිණීමට පමා වූ අතර නව ගොඩනැගිල්ලේ ඵළකය නිරාවරණය කරන ලද්දේ ප්‍රදේශයේ කලාකරුවන් පිරිසක් විසිනි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මොනරාගලින් මහින්ද අගමැති සටන අරඹයි . . .

Sat Mar 11 , 2023
නැවත වතාවක් අගමැති ධූරය ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හෙට (12) දිනයේදී මොනරාගල දිස්ත්‍රික් සමුලුවට සහභාගී වීමට නියමිතය. හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් මෙම දිස්ත්‍රික් සමුලුව සංවිධාන කර ඇති බව වාර්තා වේ. පසුගිය දිනෙක රාජපක්ෂ පවුලේ නැගනියකගේ කොළඹ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වී ඇති අතර එහිදී මහින්ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x