හෙට වර්ජනයට පෞද්ගලික බස් නෑ . . .

හෙට (15) දිනයේ සිදුකිරීමට නියමිත වැඩ වර්ජනයට පෞද්ගලික බස් රථ කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ හෙට දිනයේදී මහජනතාවගේ ගමනාගමන කටයුතු වලට කිසිදු බාධාවක් සිදු නොවන බවයි.

එම සේවා පවත්වාගෙන යාමට බස්රථ ප්‍රමාණවත් නොමැති නම් අතිරේක බස් රථ යෙදවීමට පියවර ගන්නා බව ගැමුණු විජේරත්න පවසයි.

වර්ජනයේ නිරත පිරිසට වැටුප් හිමි වුවත් පෞද්ගලික බස් රථ වර්ජනය කළහොත් එම සේවකයන්ට කුසගින්නේ සිටීමට සිදුවන බැවින් එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය දක්වා අඛණ්ඩව බස් රථ සේවාවන් යෙදවීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කරයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජල සම්පාදනෙත් වර්ජනයට එක්වෙයි . . .

Tue Mar 14 , 2023
බදු ප්‍රතිපත්තිය ඇතුළු ආණ්ඩුවේ වැඩ පිළිවලට එරෙහිව සිදු කරන සමස්ත මහා වැඩ වර්ජනයට සහයෝගය පළ කරමින් සියලුම කාර්යාල සේවා හා පාරිභෝගික සේවා වලින් ඉවත් වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අද (14) සිට පියවර ගෙන තිබේ. ඒ අනුව බිඳවැටීම් අළුත්වැඩියා නොකරන බැවින් යම් යම් ස්ථානවල ජල සැපයුම අඩාල වීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x