වර්ජනයෙන් සේවාවන් රැසක් අඩපණවේ . . .

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, විදුලි, සහ දුම්රිය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද (15) දිනයේ ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය හේතුවෙන් රටතුළ සේවාවන් රැසක් සහ පාසල් සම්පූර්ණයෙන්ම අඩපණ විය.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විදුලි ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු රැසකට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් ගුරුවරු පාසල්වලට වාර්තා නොකිරීමෙන් සමස්ත පාසල් පද්ධතියම අඩපණ වී තිබුණි.

පාසල්වලට දරුවන් නොපැමිණීමෙන් පාසල් පාළුවට ගොස් තිබූ ආකාරය දැකගත හැකිවිය. වෛද්‍යවරු, හෙද, පරිපූරක කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් වර්ජනයට සහභාගි වීම නිසා සමස්ත රෝහල් පද්ධතියේ ප්‍රතිකාර සේවා ඇතුළු සමස්ත කාර්ය අකර්මණ්‍ය විය. කෙසේ වෙතත් ප්‍රතිකාර ගැනීමට රෝගීන් නොපැමිණීම හේතුවෙන් රෝහල් පාළුවට ගොස් තිබුණි.

දුම්රිය සේවක වැඩවර්ජනයක් පැවතිය ද මගීන්ගේ පහසුව සඳහා අද (15) පෙරවරුවේ දුම්රිය 20ක් ධාවනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. අද පස්වරුවේ ද දුම්රිය කීපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි ද සාමාන්‍යධිකාරිවරයා වැඩිදුරටත් කීය.

වර්ජනය ක්‍රියාත්මක කරන වෘත්තිය සාමාජිකයන් පවසන්නේ අද මධ්‍යම රාත්‍රීයේ වර්ජනය අවසන් කර ආණ්ඩුවට දින 7 ක කාලයක් දෙන බවත් ඒ අනුව ලබන 21 වැනිදා වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවාද නැද්ද යන්න තීරණය කරන බවයි.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් . . .

Thu Mar 16 , 2023
නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි අගය රික්ටර් මාපකයේ 7.1ක අගයක් ගෙන ඇති බව එම වාර්තා සඳහන් කරයි. භූ කම්පනය සිදුවීමත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x