අප්‍රේල් 25 ඡන්දෙට ඉඩක් නැහැ . . .

පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවය.

“මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට ඉඩකඩක් පෙනෙන්නට නැහැ. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණය විසින් ලබාදීපු තීන්දු විවේචනයට ලක්කරන තත්ත්වයකට රට පත්වෙලා තිබෙනවා. ඒ වගේම අධිකරණයේ නියෝග නොසලකන තත්ත්වයකට පාලකයන් පත්වෙලා. නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආණ්ඩුවක් පිළිගන්නවාද? නැද්ද? කියන කාරණය තමයි තීරණාත්මකව වැදගත් වෙන්නේ. ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩකඩ ලබාදුන්නේ නැත්නම් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ආණ්ඩුව වගකිව යුතුයි.”

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොව පුරා ප්‍රබල බැංකු රැසක් හදිසියේ කඩා වැටෙයි . . .

Thu Mar 16 , 2023
කොටස් මිල පහත වැටීමෙන් අර්බුදයකට ලක්ව සිටින ස්විට්සර්ලන්තයේ ක්‍රෙඩිට් ස්විස් බැංකුව, ස්විස් මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 54ක ණය මුදලක් ලබාගැනීමට සූදානම් බව විදෙස් වාර්තා පවසයි. බැංකුවේ ද්‍රවශීලතාව සම්බන්ධයෙන් මතුවූ මතභේදකාරී තත්ත්වය සමනය කිරීම එහි අපේක්ෂාව බව සඳහන්ය. ක්‍රෙඩිට් ස්විස් බැංකුවේ මූල්‍ය වාර්තාවේ දෝෂ කිහිපයක් හඳුනාගැනීමෙන් පසුව එහි කොටස් මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x